Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ලංකා ධීවර සංස්ථාව විසින් සංස්ථාවේ අභ්‍යන්තර චක්‍රලේඛ උපදෙස්වලට පටහැණිව ණය පදනම මත මසුන් අලෙවි කිරීම හේතුවෙන් සංස්ථාවට 2021 වර්ෂයේ දෙසැම්බර් 31 වැනිදා වනවිට රුපියල් මිලියන 262ක මුදලක් අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
මින් මිලියන 29ක මුදලක් වසර පහකට වඩා වැඩි කාලයක සිට අයවීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.
එමෙන්ම ධීවර සංස්ථාවේ සේවකයන්ට හා රෝහල් සඳහා ණය පදනම මත මාළු විකිණීමෙන් රුපියල් මිලියන 17ක මුදලක් අයවීමට තිබේ.
චක්‍රලේඛයට පටහැණිව ණය පදනම මත මසුන් අලෙවි කළ නිලධාරීන්ට එරෙහිව මේ වනතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවද විගණනය මඟින් අනාවරණය කොට ඇත.
එමෙන්ම ධීවර සංස්ථාව විසින් ඉකුත් වර්ෂයේ (2022) ඔක්තෝබර් මස 31 වැනි දිනට භාණ්ඩාගාර ඇපකර මත ගෙවිය යුතු බැංකු ණය මුදල රුපියල් මිලියන 159කි. එදිනට ඒ සඳහා ගෙවිය යුතු පොළී මුදල රුපියල් මිලියන 35කි.
2021 වර්ෂයේ දෙසැම්බර් මස 31 දිනට බැංකු අයිරාව රුපියල් මිලියන 25ක් වුවද සංස්ථාවට අයහපත් මූල්‍ය තත්ත්වය කළමනාකරණය කරගැනීමට නොහැකිවී තිබූ බවද විගණන වාර්තාවේ සඳහන් වේ.(මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart