November 21, 2023

ඉන්ධන(පෙට්‍රෝලියම්) නිෂ්පාදිත වෙළෙඳාමේ නිරත ලොව ප්‍රමුඛ පෙළේ ආයතනයක් වන එක්සත් ජනපදයේ RM Parks Inc සහ ලංකා ආයෝජන මණ්ඩලය අතර ගිවිසුමක් අත්සන් තබා ඇත.

ඩොලර් මිලියන 110ක වටිනාකමකින් යුතු මෙම ගිවිසුම හරහා ෂෙල්(Shell) නිෂ්පාදිත ශ්‍රී ලංකාව තුළ අලෙවිය සඳහා කටයුතු යෙදෙන අතර RM Parks Inc සහ Shell එක්ව මෙරට ඉන්ධන පිරවුම්හල් 200ක මෙහෙයුම් සිදුකිරීමට කටයුතු යොදා ඇත.

එසේම මෙම ඉන්ධන පිරවුම්හල්වල කුඩා ප්‍රමාණයේ සුපිරි වෙළඳසැල් (mini-supermarkets) සහ විදුලි වාහන ආරෝපණ (EV charging) පහසුකම් ස්ථාපිත කෙරෙනු ඇති බව ලංකා ආයෝජන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%