November 20, 2023

පසුගිය යල කන්නයේ වගා හානි වූ සෑම ගොවියෙකුටම හෙක්ටයාරයකට ඩීසල් ලීටර් 40 බැගින් නොමිලේ සහනාධාරයක් ලබාදීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර ඇත.

ඒ යටතේ ගොවීන්ට ඉන්ධන ලබා ගැනීම සඳහා වවුචර්පත් බෙදාදීම ඊයේ (19) අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ ඇමැති මහින්ද අමරවීරගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයකදී සිදු විය.‍

වළවේ කලාපයේ, හම්බන්තොට සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල වගා හානි වූ සියලුම ගොවීන්ට මෙන්ම පසුගිය යල කන්නයේ වගා හානි වාර්තා වූ සියලුම ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය හිමිවේ.

පසුගිය යල කන්නයේ වගා කළ වී අක්කර 65,000ක් පමණ නියඟයෙන් හානියට පත්වී ඇති අතර, මෙවර මහ කන්නයේ වී අස්වනු නෙලීම සඳහා ගොවීන්ට මෙම ඉන්ධන සහනාධාරය ලබාදීමට කටයුතු කරන ලෙස ඇමැතිවරයා කෘෂිකර්ම සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

පසුගිය මහ කන්නයේ වී වගාව සඳහා නොමිලේ බෙදාහැරීමට චීන රජය කෘෂිකර්ම අමාත්‍යාංශයට ඩීසල් ලීටර් මිලියන 6.9ක් ලබාදී තිබේ.

42.31%
17.27%
32.76%