Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දැදුරුඔය ඉහළ සහ මධ්‍යම සහ පහළ ජල ධාරා ප්‍රදේශ වලට ඊයේ (18) දිනයේ ඇදහැළුණු අධික වර්ෂා තත්වය හේතුවෙන් අද (19) අළුයම වන විට දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 08ම විවෘත කළ බව ජලාශය බාර වාරි ඉන්ජිනේරු සම්පත් සමරජීව පවසයි.
මෙසේ වාන් දොරටු 08ම අඩි 04 බැගින් විවෘත කිරීම හේතුවෙන් දැදුරුඔය ජලාශයේ සිට දැදුරුඔයට තත්පරයට ඝන අඩි 22,400ක ජල පරිමාවක් මුදාහැරෙන බවද ඉංජිනේරුවරයා සඳහන් කරයි.
මේ හේතුවෙන් දැදුරුඔය ද්‍රෝණියේ පහළ ප්‍රදේශ වල ජනතාවට සැළකිලිමත්ව සිටින ලෙසද වාරිමාර්ග දෙපාර්තමේන්තුව දන්වා සිටී.
වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා සහ ආපදා කළමණාකරන අංශයේ අධ්‍යක්ෂ ඉංජිනේරු එස්.පී.සී. සුගීෂ්වරගේ අත්සනින් නිකුත්කළ ලිපියකින් කියා සිටින්නේ, වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන දැදුරුඔය ජලාශ නිම්නයේ පහළ ප්‍රදේශ වලට සුළු ගංවතුර තත්වයක් ඇතිවිය හැකි බැවින් දැදුරුඔය භාවිත කරන ඒ හා සම්බන්ධ මාර්ග පාවිච්චි කරන සහ එම පහත් බිම් ආශ්‍රිතව පදිංචි පිරිස් අවධානයෙන් සිටිය යුතු බවයි.
ඒ අනුව වාරියපොල, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය , පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රදේශ වල පදිංචි ජනතාවට සැළකිල්ලෙන් සිටින ලෙසද දන්වා සිටී.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart