November 18, 2023

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක කොළඹ ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේදී ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ හමුවී රටේ ආර්ථික අර්බුදය සහ අනෙකුත් කරුණු පිළිබඳව සාකච්ඡා කර ඇත.

“ශ්‍රී ලංකාවේ වත්මන් දේශපාලන තත්ත්වය සහ අපේ රට වර්තමානයේ මුහුණ දී සිටින ආර්ථික අර්බුදය පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට මට අවස්ථාව ලැබුණා” යැයි අනුර කුමාර දිසානායක සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් පවසා ඇත. පැවසීය.

මෙම සාකච්ඡාවට ඉන්දීය මහකොමසාරිස් කාර්යාලයේ පළමු ලේකම් එල්ඩෝස් මැතිව්, ජාතික ජන බලවේගයේ විධායක සභික විජිත හේරත් යන අයද එක්ව ඇත.

42.31%
17.27%
32.76%