Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙකක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගියදා ලබාදුන් තීන්දුවේදී මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන ජනාධිපති නීතීඥ ආචාර්ය සංජීව ජයවර්ධන සහ වෛද්‍ය රාණි ජයමහ යන දෙදෙනාට එරෙහිව අහිතකර තීන්දු හෝ නියෝග නොදීමට තීරණය කර තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය බහුතර එකඟතාවෙන් තීරණය කළේ, හිටපු මහ බැංකු අධිපතිවරුන් වන මහාචාර්ය ඩබ්ලිව්.ඩී.ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්.ආර්. ආටිගල සහ මුදල් මණ්ඩල සභික සමන්ත කුමාරසිංහ යන පිරිස මහජන විශ්වාසය කඩ කර ඇති බවයි.
මුදල් මණ්ඩලයේ සාමාජිකයන් වන ආචාර්ය සංජීව ජයවර්ධන, ජනාධිපති නීතිඥ සහ වෛද්‍ය රාණි ජයමහ යන දෙදෙනාට එරෙහිව කටයුතු කිරීමට මෙම නඩු කටයුත්තේදී අවසර ලබා නොදුන් බව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව ආරම්භයේදී පැහැදිලිව ප්‍රකාශ කර ඇත.
තීන්දුව අවසානයේදී ද අධිකරණය විසින් පැහැදිලි කර තිබුණේ ජනාධිපති නීතිඥ ආචාර්ය සංජීව ජයවර්ධනට සහ ආචාර්ය වෛද්‍ය රරාණි ජයමහට එරෙහිව අධිකරණය කිසිදු අහිතකර තීන්දු හෝ නියෝග ලබා දී නොමැති අතර නිශ්චිතව හඳුනාගන්නා ලද මුදල් මණ්ඩලයේ එක් සාමාජිකයකු වන සමන්ත කුමාරසිංහ මෙම සිදුවීමට වගකිව යුතු බවයි.
ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන විසින් ඉදිරිපත් කරන ලද වාචික කරුණු දැක්වීම් ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීන්දුවේ දී පුළුල් ලෙස උපුටා දක්වා තිබිණි.
ඔහු පෙන්වාදී තිබුණේ රුපියල් බිලියන 600ක බදු , දේශීය ආදායම් ඒකරාශී කිරීමට සහ භාණ්ඩාගාර මෙහෙයුම් විශාල වශයෙන් අඩාළ වීමට හේතුවූ ආකාරය මෙන්ම ස්වෛරී ශ්‍රේණිගතකිරීම් සහ බැංකු ශ්‍රේණිගතකිරීම් පහත හෙළීමට සහ විදේශ ප්‍රාග්ධන වෙළෙඳපොළ වෙත ප්‍රවේශ වීම වැළක්වීම සහ ගෙවුම් ශේෂ අර්බුදය උග්‍ර කිරීමට හේතුවූ ආකාරයයි.
මුදල් මණ්ඩලයේ සුළුතරය ලෙස කටයුතුකර ඇති ජනාධිපති නීතිඥ ආචාර්ය සංජීව ජයවර්ධන සහ ආචාර්ය ජයමහ යන අය ඩොලර් කාන්දුවීම වැළැක්වීම සඳහා අර්ථවත් අපනයන පරිවර්තන සිදුකිරීමේ අවශ්‍යතාව, අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීම්සි සහ සියයට 150ක ණයකර ආන්තික පැනවීමේ වැදගත්කම මෙන්ම අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ හදිසි වැඩසටහනක අවශ්‍යතාව සහ විනිමය අනුපාතිකය ආරක්ෂා කර ගැනීම සඳහා මහ බැංකුව සිය සංචිත භාවිත කිරීමට ඉඩදීමෙන් මතුවන විදේශ සංචිතවල භයානක තත්ත්වය ආදිය සම්බන්ධයෙන් හඬ නගා ඇති බවද ශ්‍රේෂ්ඨාධිකරණය සඳහන් කරයි.
පාර්ලිමේන්තු රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේ එක් සාමාජිකයෙක් 2022 අප්‍රේල් 06 වැනි දින සංචිතවල සැබෑ, තීරණාත්මක තත්ත්වය පිළිබඳ එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නිවැරදිව දැනුම්දීම සඳහා ඔහු සමග මුහුණට මුහුණ සාකච්ඡාවක් පවතවන ලෙස සිදුකළ හදිසි ඉල්ලීමක් පිළිබඳ ආචාර්ය සංජීව ජයවර්ධන විසින් කරන ලද හෙළිදරව්ව සම්බන්ධයෙන්ද තීන්දුවේ නිශ්චිත සඳහනක් ඇත.
එහි තවදුරටත් දක්වා තිබුණේ මෙම රැස්වීමට සූදානම් වීමේ දී සංජීව ජයවර්ධන විසින් ඉදිරි ණය සේවා කාලසීම සහ අපේක්ෂිත සංචිතවල තවදුරටත් පහත වැටීම සහ අවශ්‍යතාව සළකා බලා අන්තර්ජාතික මුල්‍ය අරමුදලේ හදිසි වැඩසටහනක අවශ්‍යතාව පෙන්වීමට විදේශ සංචිතවල අපේක්ෂිත ලැබීම් සහ ආසන්නව ඇති ගෙවීම් සම්බන්ධයෙන් සංඛ්‍යාලේඛන ලබාගෙන ඇති බවයි.
ජයවර්ධන විසින් හෙළිදරව් කළ 2022 මාර්තු 18 වැනි දින එවක ජනාධිපතිවරයා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යවන ලද මුල් ලිපිය අපැහැදිලි බවත්, විස්තීර්ණ ණය පහසුකමක් සඳහා එම ලිපියේ කිසිදු ඉල්ලීමක් කර නොතිබූ බවත්, එය ගුප්ත බැවින් අන්තර්ජාතික මුල්‍ය අරමුදලට පැහැදිලි පණිවුඩයක් නොලැබෙන්නට ඇති බවත් තීන්දුව තවදුරටත් සඳහන් කරයි.
මෙම රැස්වීමේදී ජයවර්ධන විසින් ජනාධිපතිවරයාට සියලු අංශ පිළිබඳව සම්පූර්ණයෙන් දැනුම්දුන් බවත්, අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පූර්ණ විස්තීර්ණ ණය සහන වැඩසටහනක් ලබා ගැනීම හැර රටට වෙනත් විකල්පයක් නොමැති බව දන්වා ඇති බවත් තීන්දුවේ සඳහන් වේ.
ඒ අනුව ජයවර්ධනගේ යෝජනාවට අනුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පූර්ණ විස්තීර්ණ ණය සහන වැඩසටහනක් ඉල්ලා අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත සම්පූර්ණයෙන්ම නව පණිවුඩයක් යැවීමට ජනාධිපතිවරයා එකඟ වූ බවද තීන්දුවේ පැහැදිලිව සඳහන් වේ.
ඒ අනුව 2022 අප්‍රේල් 07 වැනි දින ජයවර්ධන විසින් පහසුකම් සලසා සකසන ලද ලිපියට එවක ජනාධිපතිවරයා අත්සන් කර අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පූර්ණ විස්තීර්ණ ණය සහන අරමුදල් වැඩසටහනක් ඉල්ලා අන්තර්ජාතික මූල්‍ය අරමුදලට යවා තිබේ.
ඊට පසුදින නව මහ බැංකු අධිපතිවරයාද අන්තර්ජාතික මූල්‍ය අරමුදල වෙත ලිපියක් යොමුකර තිබු අතර ඒ අනුව ශ්‍රී ලංකා රජයට පහසුකම් සලසමින් සහ මග පාදමින් 2022 අප්‍රේල් 12 වැනි දින පුළුල් ණය නැවැත්වීම විධිමත් ලෙස ප්‍රකාශයට පත් කිරීමට අන්තර්ජාතික මූල්‍ය අරමුදල ඉදිරිපත්ව තිබිණි.
ආචාර්ය සංජීව ජයවර්ධනගේ සභාපතිත්වයෙන් සහ ආචාර්ය රාණි ජයමහගේ උප සභාපතිත්වයෙන් යුත් මුදල් මණ්ඩලයේ විදේශ ණය අධීක්ෂණ කමිටුව ඉතා විවේචනාත්මක දායකත්වයක් ලබා දෙමින් ශක්තිමත් නිර්දේශ ඉදිරිපත් කර ඇති බවත් දළ නිල සංචිත සහ විනිමය අනුපාතිකය ආරක්ෂා කර ගැනීම සඳහා න්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් පූර්ණ විස්තීර්ණ ණය සහන වැඩසටහනක හදිසි අවශ්‍යතාව නැවත නැවතත් අවධාරණය කර ඇති බවත් අධිකරණය විසින් අවධානයට ගෙන තිබේ.
ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ තීන්දුවෙන් ප්‍රකාශ කර තිබුණේ රට තුළ මතු වී තිබෙන ආර්ථික අර්බුදයට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍යවරුන් වන මහින්ද රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් වගකිව යුතු අතර එම පිරිස මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart