Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
බෞද්ධ කොඩිය මත සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය විසින් යළිත් සිය ලාංඡනය සටහන් කිරීමට දරන උත්සාහයට රත්මලාන ධර්ම පර්යේෂණයේ අධ්යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ සිය විරෝධය පළකර සිටිති.
2017 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව නව චක්රලේඛයකින් බෞද්ධ කොඩිය මත සංකේත හෝ අකුරු, වචන, වගන්ති මුද්‍රණය නොකළ යුතු යැයි කළ නිර්දේශය අනුව සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය එතෙක් පැවැති ලාංඡනයෙන් බෞද්ධ කොඩිය ඉවත්කොට නව ලාංඡනයක් සම්මත කළ බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්යක්ෂ හෑගොඩ විපස්සි හිමියෝ පවසති.
එහෙත් බෞද්ධ සම්මේලනයේ වර්තමාන නිලධාරීන් කිහිපදනකු විසින් නැවතත් බෞද්ධ කොඩිය සහිත ලාංඡනය සම්මත කිරීමට අදූරදර්ශි උත්සාහයක යෙදෙන බවද හෑගොඩ විපස්සි හිමියෝ අවධාරණය කර සිටිති.
මේ සම්බන්ධයෙන් උන්වහන්සේ නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.
‘සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ ලාංඡනය ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය මත, දැති සහිත කවාකාරයක ‘යුඤඡථ බුද්ධසාසනේ – සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය’ යනුවෙන් ආදර්ශ පාඨය සමග නාමය නිර්මාණය කරන්නේ සම්මේලනයේ සමාරම්භයත් සමගය. ඒ සමයෙහි ඇතැම් විහාරාරාම, බෞද්ධ සමිති සමාගම්, සංවිධානයේ නාමපුවරු බෞද්ධ කොඩිය මත ප්‍රදර්ශනය කළත් කොඩියේ ස්වලක්ෂණ හෙවත් ඊට අයත් සංකේතාත්මක සන්නිවේදනයන්ට සැළකිව යුතු හානියක් සිදුනොවන බැවින් නීතිරීති රෙගුලාසි අවශ්‍ය නොවීය.
එහෙත් විශේෂයෙන් 2004 වර්ෂයේදී ‘හෙළ උරුමය’ නම් දේශපාලන පක්ෂය ස්වකීය මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා බෞද්ධ කොඩිය භාවිත කළ බැවින් එහි ස්වලක්ෂණ විෂයෙහි දැඩි හානියක් සිදුවිය. ඒ පිළිබඳ මහජන විරෝධතා සමාජයේ ප්‍රචලිත විය. අප විසින්ද 1987දී ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ‘බෞද්ධ කොඩිය පිළිබඳ ශ්‍රී ලංකා ප්‍රමිති පිරිවිතරයේ’ කරුණුද මතු කරමින් බෞද්ධ කොඩියේ භාවිතය පිළිබඳ නව නීතිරීති සම්පාදනය කළ යුතු බවට සමාජය දැනුවත් කරන ලදී.
කෙසේ වුවත් බෞද්ධ කොඩියේ අවභාවිතය තවදුරටත් වර්ධනය වන බැවින්, 2017 වසරේදී බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව විසින් නව චක්රලේඛයකින් ‘බෞද්ධ කොඩිය මත සංකේත හෝ අකුරු, වචන, වගන්ති මුද්‍රණය නොකළ යුතුයි’ නිර්දේශ කරන ලදි. මේ පිළිබඳ සාවධානය යොමුකොට සමස්ත ලංකා බෞද්ධ සම්මේලනය, සංස්ථාපිත ආයතනික ව්‍යවස්ථානුකූලව මෙතෙක් පැවැති ලාංඡනයෙන් බෞද්ධ කොඩිය ඉවත්කොට නව ලාංඡනයක් සම්මත කොට ඇත. මෙය පූර්වදර්ශී මෙන්ම ප්රගතිශීලී පියවරකි.
එහෙත් බෞද්ධ සම්මේලනයේ වර්තමාන නිලධාරී මහත්වරුන් කිහිපදෙනකු විසින් නැවතත් බෞද්ධ කොඩිය සහිත ලාංඡනය සම්මත කිරීමට උත්සුක වන බව අපට දැනගන්නට ලැබිණි. එහෙත් එම උත්සාහය දූරදර්ශී මෙන්ම ප්රගතිශීලී නොවන බව කිව යුතුයි. බෞද්ධාරක්ෂක කමිටුව විසින් නිර්මාණය කරන ලද ෂඩ්වර්ණ බෞද්ධ ධජය එදා එනම් 1885 අප්‍රේල් 28 වැනි දිනට යෙදී තිබුණු වෙසක් පොහෝ දින ශ්‍රී ලංකා ධරණීතලයේ ප්‍රථම වතාවට ලෙළදුණි. තවද 1950 මැයි 25 දින මහනුවරදී පැවැත්වූ ලෝක බෞද්ධ මහා සම්මේලනයේදී රාජ්‍ය විසි නවයක නියෝජිතයන්ගේ ඒකඡන්දයෙන් අපගේ මේ ධජය ලෝක බෞද්ධ කොඩිය වශයෙන් සම්මත විය.
එම නිසා ලෝකවාසී බෞද්ධයාගේම එකම කොඩිය වූ අපේ ෂඩ්වර්ණ බෞද්ධ කොඩිය මත කිසිවක් සටහන් කිරීමෙන් හෝ ආලේඛ්‍ය කිරීමෙන් වැළකී සිටින ලෙස ඔබ සම්මේලනය ගත් එකී පූර්වාදර්ශය තවදුරටත් රකිනු ඇතැයි අපේ අපේක්ෂාවයි” යැයිද විපස්සි හිමියෝ සිය නිවේදනය මගින් පෙන්වා දී ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart