Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023 සැප්තැම්බර් 30 න් අවසන් මාස 03ක කාලපරිච්ඡේදය තුළ දී මෙරට සමස්ත මද්‍යසාර පාන කර්මාන්තයේ පරිමාව 12% කින් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
මෙරට ලැයිස්තුගත සමාගමක් වන ලයන් බෘෘවරි (සිලෝන්) පීඑල්සී සිය නවතම මූල්‍ය ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරමින් මේ බව සඳහන් කර සිටී.
සමාගම පවසන්නේ, 2023 වසරේ ජනවාරි සහ ජූලි මාසවල දී මද්‍යසාර පාන සඳහා කළ සංශෝධනවලින් 44%කින් පමණ බදු ඉහළ නංවා ඇති බවයි.
බදු ඉහළ නැංවීම හමුවේ මත්පැන් මිල ඉහළ යෑම මෙලෙස ඒ සඳහා පවතින ඉල්ලුම පහළ යෑමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
2023 සැප්තැම්බර් කාර්තුව තුළ දී ලයන් බෘෘවරි සමාගමේ සමස්ත ආදායම රු. බිලියන 27.35 ක් ලෙසින් සටහන් වන අතර එය 2022 අදාළ කාර්තුවේ ආදායම් අගය වූ රුපියල් බිලියන 25 ට වඩා 09% ක වර්ධනයක් වේ.
මේ අතර ලංකා දුම්කොළ සමාගම පවසන්නේ, එම කාර්තුව තුළ දී සිය සමාගමේ අලෙවි පරිමාව ද පහළ ගොස් ඇති බවයි.
රජයේ ආදායම් යෝජනා අනුව බදු ඉහළ නැංවීම් හමුවේ සිගරට් මිල ඉහළ යෑම ප්‍රධාන වශයෙන් අලෙවිය පහළ වැටීමට හේතු වී ඇති බව ලංකා දුම්කොළ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.
ලංකා දුම්කොළ සමාගමේ මූල්‍ය වාර්තා ප්‍රකාරව 2022 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 47.12 ක් ලෙසින් සටහන් වී ඇති සමාගමේ විකුණුම් ආදායම 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 44.76 ක් දක්වා පහළ ගොස් ඇත.
මෙරට මත්පැන් කර්මාන්තයේ නිරත තවත් දැවැන්ත සමාගමක් වන ඩිස්ටිලරීස් කම්පැනි ඔෆ් ශ්‍රී ලංකා හි අලෙවියේ පසුබෑමක් ද සමාලෝචිත කාලපරිච්ඡේදය තුළ දී දැකගත හැකිය.
2022 සැප්තැම්බර් කාර්තුවේ ඩිස්ටිලරීස් සමාගමේ ආදායම රු. බිලියන 62.43 ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් කාර්තුවේ දී රු. බිලියන 57.29 ක් දක්වා අඩු වී තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart