Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය එක අයවැයක් තුළින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළේය.
පළමුව රටේ ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා වූ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකිරීම මඟින් ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැගිය හැකි බව ද ජනාධිපතිවරයා පෙන්වාදුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙම අදහස් පළ කළේ, ෂැංග්‍රිලා හෝටලයේ දී අද (15) පැවැති කොළඹ විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර පරිපාලන පශ්චාත් උපාධිධාරී ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය විසින් සංවිධාන කළ ‘2024 අයවැය කතිකාවත‘ අමතමිනි.
හිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මෙසේ ද පැවැසීය.
“පසුගිය වසරේදි ශ්‍රී ලංකාවේ ඇති වූ ආර්ථික අර්බුදයට පිළියමක් වශයෙන් ආර්ථිකය නැවත ස්ථාවර කිරීමට සැලසුම් කළ යුතුයි. ඉන්පසුව ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කළ යුතුයි. මා මේ වනවිට අයවැය වාර්තා දෙකක් ඉදිරිපත් කර තිබෙනවා. එහි පළමු අයවැය යෝජනාවලියේදී ආර්ථිකය ස්ථාවර කර ගැනීම සඳහා වන යෝජනා ඉදිරිපත් කළා. මෙවර අයවැය යෝජනාවලියෙන් ආර්ථික ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යෝජනා ඉදිරිත්කර තිබෙනවා. එක අයවැයකින් මේ රටේ ආර්ථික අර්බුදයට විසඳුම් ලබාදිය නොහැකියි.
මෙවර අයවැය මැතිවරණ ඉලක්ක කරගෙන ඉදිරිපත් කළ අයවැයක් බව ඇතැම් පාර්ශව ප්‍රකාශ කරනවා. නමුත් මෙම අයවැය මැතිවරණ අයවැයක් නොවෙයි. මෙවර අයවැය නව ආර්ථික ප්‍රවේශයක් ඇතිකිරීම සඳහා ඉදිරිපත් කළ අයවැයක් වශයෙන් රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරිම, පෞද්ගලික අංශයේ ගැලපීම්, අස්වැසුම වැනි සමාජ සුබසාධක වැඩසටහන් මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් යන සෑම ක්ෂේත්‍රයක්ම ආවරණය කර තිබෙනවා. ගුණාත්මක රාජ්‍ය සේවාවක් සඳහා වැටුප් වැඩිකිරීම අවශ්‍ය වෙනවා. නව සමාජය ගොඩනැගීමේ පියවරක් ලෙස අයවැය මඟින් අස්වැසුම සමාජ සුබසාධක ප්‍රතිලාභ වෙනුවෙන් වෙන් කළ මුදල තුන්ගුණයකින් වැඩි කිරිමට යෝජනා කර තිබෙනවා.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart