Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් විසින් අද (15) මඩකලපුවේ දී නව අමෙරිකානු නවෝත්පාදන මධ්‍යස්ථානයක් (iHub) විවෘත කරන ලදී.
මෙම අවස්ථාවට විශේෂ ආරාධිතයකු ලෙස නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්තිල් තොණ්ඩමන්ද එක්විය.
එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ Dream Space Academy අතර ඒකාබද්ධ මුලපිරීමක් වන මඩකලපුවේ iHub හි අරමුණ වන්නේ නැගෙනහිර පළාතේ තරුණ තරුණියන් සවිබල ගැන්වීම, දැනුම හුවමාරු කර ගැනීම, එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාවේ ජනතාව අතර සබඳතා ප්‍රවර්ධනය කිරීමයි.
මඩකලපුවේ ඇති American iHub ට අමතරව, එක්සත් ජනපද තානාපති කාර්යාලය කොළඹ, මහනුවර, යාපනය සහ මාතර යන ස්ථානවල මෙවැනි අමෙරිකානු මධ්‍යස්ථාන පිහිටුවා ඇත.
මෙරට පස්වන අමෙරිකානු මධ්‍යස්ථානය වන මඩකලපුව iHub, නැඟෙනහිර පළාත එක්සත් ජනපදය සමඟ සම්බන්ධ කිරීමට මෙන්ම මුළු දිවයින පුරා සිටින තරුණ තරුණියන් අතර සම්බන්ධතා වර්ධනය කිරීමට ප්‍රධාන සම්බන්ධකයක් වනු ඇතැයි තානාපති ජූලි චුන්ග් පවසා තිබේ.
මෙය එක්සත් ජනපදය සහ ශ්‍රී ලංකාව අතර කල්පවත්නා සහ ශක්තිමත් හවුල්කාරිත්වය අවධාරණය කරමින් සියලුම මිනිසුන්ට සුවපහසු සහ ආශ්වාදයක් දැනෙන අවකාශයක් වනු ඇති බව ද ඇය පවසා ඇත.
පොත්පත්, ඩිජිටල් ද්‍රව්‍ය, බහුමාධ්‍ය අන්තර්ගත සහ සබැඳි දත්ත සමුදායන් ඇතුළු පුළුල් පරාසයක නොමිලයේ සම්පත් වෙත ප්‍රවේශය සලසමින් මඩකලපුව iHub බුද්ධිමය මැදිහත්වීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස නිර්මාණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart