Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දිස්ත්‍රික් සංවිධායක, අරණායක ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී බන්දුල සපරමාදු නමැති සමෘද්ධි නිලධාරියා කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරයාට පුටුවක් ඔසවා පහරදීමට තැත් කිරීම සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇත.
සැකකරු දෙබත්ගම වඩුපොළ වසමේ සේවය කරන සමෘද්ධි නිලධාරියා වන අතර, අස්වැසුම ප්‍රතිලාභ ලැබීමට නුසුදුසු පුද්ගලයකුට එම ප්‍රතිලාභ ලබාදී ඇති බවට එම වසමේ සමෘද්ධිලාභීන්ගෙන් ඔහුට එරෙහිව ප්‍රාදේශීය ලේකම්වරයා වෙත පැමිණිල්ලක් ලැබී ඇත.
ඒ අනුව, ප්‍රාදේශීය ලේකම් කේ.ජී.එස් නිශාන්ත එම පැමිණිල්ල විභාග කිරීමට මෙම සමෘද්ධි නිලධාරියා, ග්‍රාම නිලධාරි සහ ආර්ථික සංවර්ධන නිලධාරි යන තිදෙනා ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත කැඳවා තිබේ.
ඔවුන් ඉදිරිපිට දී ප්‍රාදේශීය ලේකම්වරයා පැමිණිල්ල විභාග කරමින් සිටියදී ශ්‍රීලනිප දිස්ත්‍රික් සංවිධායක ද වන මෙම සමෘද්ධි නිලධාරියා නැගී සිට එහි තිබූ පුටුවක් ඔසවා ප්‍රාදේශීය ලේකම්වරයාට පහරදීමට තැත්කර ඇත.
ඉන් පසු පැමිණිලි විභාගය ගාලගෝට්ටියක් බවට පත් වී තිබේ.
මෙයට පෙරද මෙම නිලධාරියාට අවවාද කර ඇති බවත්, ඒවා පිළිනොගෙන කටයුතු කිරීම නිසා මෙදින ද අනිත් නිලධාරීන් සමග ගැටලු ඇති කරගෙන තමන් මන්ත්‍රීවරයකු බව කියමින් අශෝභන ලෙස හැසිරී ඇති බවද වාර්තා වේ.
ඒ අවස්ථාවේ කෑගල්ල ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කෑගල්ල මුලස්ථාන පොලිසියට දුරකථනයෙන් සිද්ධිය දන්වා ඇත.
ඒ අනුව, පෙරවරු 10.30ට පමණ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණි පොලිස් නිලධාරීන් ප්‍රාදේශීය ලේකම්වරයාගේ පැමිණිල්ල සටහන් කරගෙන ගොස් තිබේ.
පසුව දහවල් 12 ට පමණ ප්‍රාදේශීය ලේකම්වරයා තමන්ට පහරදුන් බව කියමින් මෙම සමෘද්ධි නිලධාරියා කෑගල්ල දිස්ත්‍රික් රෝහලේ 05 වැනි වාට්ටුවට ඇතුළත් වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මුලස්ථාන පොලිසිය වැඩිදුර පරික්ෂණ සිදු කරයි.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart