Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
පවතින පලස්තීන ගැටළුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ කාර්යාලයට ලිපියක් භාර දී තිබේ.
සමස්ථ ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් X(ට්විටර්) සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ, මෙම ලිපියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 159 දෙනෙකු අත්සන් කර ඇති බවයි.
එම ලිපිය එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ නියෝජිතයකුට අද (නොවැ 14) භාරදුන් බවද ඔහු වැඩිදුරටත් පවසයි.
එහි පිටපතක් කොළඹ පලස්තීන තානාපතිවරයා වෙත ද ලබාදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී බදියුදීන් සඳහන් කරයි.
රිෂාඩ් බදියුදීන් මන්ත්‍රීවරයා මීට පෙර ඔක්තෝම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළ අතර, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවෙන් 2/3 කට වැඩි පිරිසක් පලස්තීනයට යුක්තිය ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලිඛිතව ප්‍රකාශ කර ඇත.
පලස්තීනයට එරෙහි ආක්‍රමණ නවත්වන ලෙස ඊශ්‍රායලයට බලකිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ එහි අදාළ අන්තර්ජාතික ආයතනවලින් ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart