November 13, 2023

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පොලිසියේ සිය ධුරය දරන අතරතුර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ගිවිසුම් ගතවී ඒ වෙනුවෙන් දීමනා ලබාගෙන ඇත්නම් එය නීති විරෝධී ක්‍රියාවක් මෙන්ම ඔහුගේ රැකියාවේ පැවැත්ම සම්බන්ධයෙන්ද ගැටලු මතුකරන කරුණක් බව විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් මෙන්ම නීතිඥවරු කිහිපදෙනෙකුම අවධාරණය කළහ.

දේශබන්දු තෙන්නකෝන් , 2021 වසරේ අගෝස්තු 16 වන දින සිට 2023 අගෝස්තු මස 15 දක්වා වසර දෙකක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපදේශකවරයෙකු ලෙස සේවය කර ඇති බවට මේ වන විට චෝදනාවක් එල්ල වී තිබේ.

ඒ සදහා ඔහුට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් මාසික වේතනය ලෙස රුපියල් 150000ක මුදලක්, මසකට ඉන්ධන දීමනාව ලෙස ඉන්ධන ලීටර් 200ක්, ජංගම දුරකථනයක් සහ ඒ සදහා මසකට 5000ක දීමනාවක්, ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් සහ වෛද්‍ය රක්ෂණාවරණයක් ලබා දි ඇති බව සදහන් වේ.

42.31%
17.27%
32.76%