November 13, 2023

මෙරට සංචාරක කර්මාන්තයේ නිරතව සිටින පුද්ගලයන් ලබාගෙන ඇති ආපසු නොගෙවූ ණය ප්‍රමාණය රුපියල් බිලියන 700 ඉක්මාවන බව අනාවරණය වේ.

පසුගියදා පැවැති සංචාරක කර්මනත්යට බලපාන ගැටළු සම්බන්ධයෙන් සාකච්ඡා කෙරෙන සැසියකට එක්වූ, හිටපු ප්‍රයිස් වෝටර් හවුස් කූපර්ස් කළමනාකාර හවුල්කරු සුජීව මුදලිගේ හෙළි කළේ, 2018 වසරේ සංචාරක කර්මාන්තයේ හිඟ ණය ප්‍රමාණය රුපියල් බිලියන 300 ක් වූ අතර එය පසුගිය වසරේ රුපියල් බිලියන 600 ක් දක්වා වර්ධනය වූ බවයි.

එසේම, එය මේ වසරේ රුපියල් බිලියන 700 ක් බවට පත්ව ඇති අතර, සමහර විට ඉදිරි වසර කිහිපය තුළ එම අගට රුපියල් ට්‍රිලියන 01 ඉක්මවා යනු ඇති බවද ඔහු සඳහන් කළේය.

මෙම ගැටලුව සම්බන්ධයෙන් කටයුතු කිරීම සඳහා රජය, බැංකු සහ සංචාරක කර්මාන්තයේ පාර්ශවකරුවන්ගෙන් සමන්විත කාර්ය සාධක බලකායක් පත්කරන ලෙස ඔහු එහිදී රජයෙන් ඉල්ලා සිටියේය.

2022/23 වර්ෂවලදී බලපැවැත්වූ වාර්තාගත පොළී අනුපාතවලින් සිදුවූ හානියෙන් සංචාරක ක්ෂේත්‍රයට කිසිදා ගොඩඒමට නොහැකි වනු ඇතැයි මුදලිගේ වැඩිදුරටත් සඳහන් කළේය.

 

42.31%
17.27%
32.76%