Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් පළාතේ පාසල් දරුවන්ට දෙවැනි වාරය 11 ශ්‍රේණියේ කෘෂි හා ආහාර තාක්ෂණය විෂය සඳහා ප්‍රශ්න හතරක් ලබාදී ප්‍රශ්න පහකට පිළිතුරු සපයන ලෙසට ප්‍රශ්න පත්‍රය සකස් කිරීම හේතුවෙන් පාසල් දරුවන් දැඩි අපහසුතාවට පත්ව තිබේ.
පසුගිය සතියේ පැවැති දෙවැනි වාරය මේ ප්‍රශ්න පත්‍රය උතුරු මැද පළාතේ දරුවන්ට ලබාදී ඇති අතර, සාමාන්‍යයෙන් සිදුවිය යුත්තේ ප්‍රශ්න හතක් ලබාදී ප්‍රශ්න පහකට පිළිතුරු සැපයීමය.
එහිදී අනිවාර්යයෙන් පළමු ප්රශ්නය සඳහා පිළිතුරු සැපයිය යුතු අතර, ඉතිරි ප්‍රශ්න හයෙන් හතරක් තෝරාගත යුතුය.
මෙයින් සිදු වී ඇත්තේ ඉදිරියේදී සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසු සිසුවියන්ට පෙරහුරුවක් නොව ගැටලුවක් ඇති කිරීමය.
මෙම දෙවැනි වාරයේම 6 වසර ඉතිහාසය ප්‍රශ්න පත්‍රය 2019 වසරේ වයඹ පළාතට ලබාදුන් ප්‍රශ්න පත්‍රය වීම පිළිබඳව මීට පෙර අනාවරණය කර ඇත.
ඒ සම්බන්ධයෙන් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්යක්ෂ එස්.එම්.ඩබ්ලිව්. සමරකෝන්ගෙන් කළ විමසීමේදී සඳහන් කර ඇත්තේ, විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමට කිසිදු වියදමක් දරා නැති බවත්, කලාප කාර්යාලවලට යම් යම් විෂයයන් සඳහා ප්‍රශ්න පත්‍ර සකස් කර එවන ලෙසත්ය.
ඉතිහාසය ප්‍රශ්න පත්‍රය සම්බන්ධයෙන් මේ වනවිට විමර්ශනයක් ආරම්භ කර ඇති බවද හෙතෙම පවසයි.
විභාග ප්‍රශ්න පත්‍රයේ ඉහළින්ම පළාත් කොඩිය සහිතව පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව උතුරු මැද පළාත ලෙස සටහන් කර ඇති බවත්, එහෙයින් වගකීම සම්පූර්ණයෙන්ම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව භාරයුතු බවත්, ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු සඳහන් කරයි.
මෙම වරද වෙනත් අයට පටවා පළාත් දෙපාර්තමේන්තුවට ගැලවිය නොහැකි බවද සභාපතිවරයා පවසයි.
කිසිම අධීක්ෂණයකින් හා වගකීමකින් තොරව කටයුතු කිරීම මෙවර දෙවැනි වාර පරීක්ෂණයේදී කර ඇති බවට පෙනී යන බවත්, තුන්වැනි වාරයට ඉගැන්විය යුතු පාඩම් මාලා මගින් දෙවැනි වාරයට ප්‍රශ්න සකස් කිරීමද ඔවුන්ගේ වගකීම් තොර බවට හොදම නිදසුනක් බවත්, සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart