
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ප්‍රමිතියෙන් තොර ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවී ඇති ජාතික ඖෂධ නියාමන අධිකාරියේ (NMRA) හිටපු අධ්යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරි වෛද්‍ය විජිත් ගුණසේකර වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්යක්ෂවරයා ලෙස පත්කර ඇත.
මේ සම්බන්ධයෙන් ‘අද දෙරණ’ කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර ඇත්තේ, තමන් NMRA හි ප්‍රධාන විධායක නිලධාරියා ලෙස පත්වීමට පෙර වෛද්‍ය විජිත් ගුණසේකර MRI හි අධ්යක්ෂවරයා ලෙස කටයුතු කළ බවයි.
NMRA තුළ ඔහු දැරූ තනතුරුවලින් ඉවත් කිරීමෙන් පසුව, ඔහු MRI හි අධ්යක්ෂවරයා ලෙස නැවත පත් කළ බව ඇමැතිවරයා පැහැදිලි කර ඇත.
මේ අතර ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ ඩී.ඩී බුලත්සිංහල නොවැම්බර් 09 වැනිදා NMRA හි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස පත් කර තිබේ.
NMRA හි හිටපු අධ්යක්ෂ ජනරාල්/ප්‍රධාන විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නොවැම්බර් මස 07 වැනි දින අධිකරණය විසින් පනවා ඇති විදෙස් ගමන් තහනමක් මත සෞඛ්‍ය අමාත්‍යාංශයට නැවත කැඳවනු ලැබීය.
විජිත් ගුණසේකර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්යක්ෂ (සැපයුම් අංශය) වෛද්‍ය කපිල වික්‍රමනායක සහ සමාගමේ හිමිකරු වන සුගත් ජානක ප්‍රනාන්දු හෙවත් ‘අරුණ දීප්ති’ ඇතුළු තිදෙනකුට ඔක්තෝබර් 31 වැනිදා මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් විදෙස් ගමන් තහනමක් ක්‍රියාත්මක කළේය.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින්(human intravenous immunoglobulin) කාණ්ඩයක් ආනයනය කිරීම සඳහා ව්‍යාජ ලේඛන සැකසීමේ නිරතවීම ඔවුන්ට එල්ලවී ඇති චෝදනාවයි.
Livealth Biopharma Pvt Ltd. India නම් සමාගමක් විසින් නිෂ්පාදනය කරන ලද බව පවසමින් මෙම නිෂ්පාදනය Isolez Biotech Pharma AG (Pvt) Ltd නම් දේශීය ඖෂධ සැපයුම්කරු විසින් ආනයනය කර ඇත.
කෙසේවෙතත්, ඉන්දියාව පදනම් කරගත් නිෂ්පාදකයා මෙම ඖෂධ තමන් නිෂ්පාදනය කර නැති බව ප්‍රකාශ කළේය.
මෙම වංචාවේදී, එකක් රුපියල් 22,500ක් ලෙසින් සටහන් කරමින් IVIG එන්නත් කුප්පි සෞඛ්‍ය අමාත්‍යංශයට සපයා රුපියල් මිලියන 130ක් සාවද්‍ය පරිහරණය කර තිබේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart