Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කුරුණෑගල ඓතිහාසික රජසභා මණ්ඩපය විනාශ කිරීමේ කතාවේ නව කථාංගයක් මතුව ඇත්තේ, එම අපරාධය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින කුරුණෑගල මහ නගර සභාවට අනුයුක්ත නිලධාරියකු බෞද්ධ කටයුතු සහ බුද්ධශාසන, සංස්කෘතික හා අමාත්‍යාංශයේ අතිරේක කොමසාරිස්වරයෙක් ලෙස පත්කිරීමත් සමඟයි.
එම පත්කිරීම පිළිබඳ තමන් දැනුවත් නොවන බව බුද්ධශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක සඳහන් කරයි.
තමන් එම තනතුරට කිසිවෙක් පත්කර නොමැති බවත්, කිසිදු අලුත් කොමසාරිස්වරයෙක් පත්කර නොමැති බවත්, එම අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ සඳහන් කරයි.
කුරුණෑගල මහ නගර සභාවට අනුයුක්තව සේවය කරන මෙම නිලධාරියා රාජ සභා මණ්ඩපය විනාශ කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙක් ලෙස හඳුනාගෙන ඇති බව වාර්තා වේ.
මෙම නිලධාරියාට එරෙහිව කුරුණෑගල මහේස්ත්‍රාත්වරයා වරෙන්තු නිකුත් කර ඇත.
කුරුණෑගල පිහිටි බුවනෙකබාහු රජුගේ රාජ් සභා මණ්ඩපය (රාජකීය රැස්වීම් ශාලාව) කඩාදැමීම සම්බන්ධයෙන් කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු සිව්දෙනෙකුට එරෙහිව නිකුත් කර තිබූ වරෙන්තු අත්හිටුවමින් අභියාචනාධිකරණය නිකුත් කළ අතුරු නියෝගයක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය සැප්තැම්බර් මාසයේදී අතුරු නියෝගයක් නිකුත් කර තිබේ.
මෙම අතුරු නියෝගය අභියාචනා අයදුම්පත්‍ර අවසන් තීරණය ප්‍රකාශයට පත්කරන තෙක් බලපැවැත්වේ.
2020 අගෝස්තු 25 දිනැති අභියාචනාධිකරණ නියෝගයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් ගොනුකර ඇති අභියාචනා පෙත්සම්වලට අනුව විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, විනිසුරු කුමුදුනී වික්‍රමසිංහ සහ විනිසුරු ශිරාන් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල මෙම නියෝගය නිකුත් කර ඇත.
මේ අතර කුරුණෑගල හිටපු නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනකු විසින් ගොනු කර ඇති රිට් පෙත්සම්වලට අදාළ අභියාචනාධිකරණ කටයුතු තවදුරටත් අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.
කුරුණෑගල පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ගොඩනැගිල්ලක් කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන් 2020 අගෝස්තු 07 වැනිදා කුරුණෑගල මහෙස්ත්‍රාත්වරයා විසින් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නාගරික කොමසාරිස් ප්‍රදීප් නිශාන්ත තිලකරත්න, නාගරික ඉංජිනේරු චමින්ද බණ්ඩාර අදිකාරි, වැඩ අධිකාරී ඉලලුදීන් සුල්ෆියා සහ බැකෝ යන්ත්‍ර ක්‍රියාකරු ලක්ෂ්මන් ප්‍රියන්ත වෙත වරෙන්තු නිකුත් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart