![](https://www.ceylonwire.lk/wp-content/uploads/2025/02/Police-320x320.jpg)
Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දෙමළ ප්‍රශ්නය විසඳීම සඳහා ශ්‍රී ලංකාවේ දෙමළ දේශපාලන පක්ෂ නායකයන් ඉන්දියාව සමඟ ඔවුන්ගේ සම්බන්ධය වේගවත් කළ යුතු යැයි මෙරට කලක් ඒකාබද්ධ වූ උතුරු-නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ඒ. වර්ධරාජා පෙරුමාල් පවසයි.
ඉන්දු-ලංකා ගිවිසුමින් පසුව 1988 දෙසැම්බර් සිට 1990 මාර්තු දක්වා වසර එකහමාරකට ආසන්න කාලයක් මහමැති ධූරය දැරූ වර්ධරාජා පෙරුමාල් පසුගියදා කොයිම්බතූර් හි පොත් එළිදැක්වීමේ උත්සවයකට සහභාගී වීමෙන් පසු ‘ද හින්දු’ පුවත්පත සමඟ සම්මුඛ සාකච්ඡාවකට එක්ව ඇත.
1983-87 කාලයේ දෙමළ කැරලිකාර කණ්ඩායම් සහ පක්ෂ නවදිල්ලියේ සහ තමිල්නාඩුවේ දී ඉන්දීය නායකයන් සමඟ නිතර සබඳතා පැවැත්වූ ආකාරය සිහිපත් කරමින් ඊළාම් ජනතා විප්ලවවාදී විමුක්ති පෙරමුණේ (ඊපීආර්එල්එෆ්) හිටපු නායකයා සඳහන් කර ඇත්තේ, එවැනි සබඳතාවක් දැන් නොපවතින බවයි.
1983 සිට 1990 දක්වා කාලය තුළ කළ දේ කිරීමට නොහැකි වූවත් දෙමළ ප්‍රශ්නය සම්බන්ධයෙන් ඉන්දීය රජයට ද වගකීමක් ඇති බවත්, එම රජයට හුදෙකලාව ක්‍රියා කළ නොහැකි අතර, ඊට ඉන්දීය ජනතාවගේ සහ නායකයන්ගේ සහයෝගය අවශ්‍යය බවත්, ඔහු පවසයි.
බලය බෙදීම සහ දේශපාලන විසඳුමක් සම්බන්ධයෙන් (ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කිරීමට) ඉන්දියාව තුළ හඬක් තිබිය යුතු අතර, එය සිදුකළ හැකිවන්නේ දෙමළ නායකයන් නවදිල්ලි සහ තමිල්නාඩුවේ නායකයන් සමඟ සමීප සබඳතා පවත්වන්නේ නම් පමණක් බවත්, එම නිසා මූලික වගකීම පැවරෙන්නේ ඔවුන්ට බවත්, හෙතෙම සඳහන් කරයි.
ඒ අතරම, කිසිදු “ආන්තික හෝ රැඩිකල්” පියවරකට ඉඩ නොදිය යුතු බව වර්ධරාජා පෙරුමාල් පවසයි.
තේරීපත් වූ පළාත් සභා හරහා බලය බෙදීම සම්බන්ධයෙන් කටයුතු කරන ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13 වැනි සංශෝධනය “නිසි ලෙස” ක්‍රියාත්මක කළ යුතු බවත්, එය ඉන්දීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සමාන ලක්ෂණ අනුව අර්ථකථනය කළේ නම්, මෙය දේශපාලන ප්‍රශ්නවලින් 70% සිට 75% දක්වා ප්‍රමාණයක් විසඳන බවත්, ඔහු සඳහන් කරයි.
එසේම, “13 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත බැලීමේ” අවශ්‍යතාවක් තිබූ අතර, එම විෂය අධ්‍යයනය කිරීම සඳහා ඉන්දීය රජය නීති විශාරද කණ්ඩායමක් පිහිටුවිය යුතු අතර, එම සංශෝධනය “නිසි ලෙස ක්‍රියාත්මක කිරීම” සහතික කරන්නේ කෙසේදැයි [ශ්‍රී ලංකාවට] දැනුම් දිය යුතු බවත්, ඊට එරෙහිව ශ්‍රී ලංකා රජය කිසිවිටෙක ස්වාධීන ස්ථාවරයක් ගෙන නොතිබූ බවත්, හෙතෙම පවසයි.
එමෙන්ම තමිල්නාඩුවේ වෙසෙන ශ්‍රී ලංකාවෙන් පැමිණි සරණාගතයන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව වරධරාජා පෙරුමාල් ප්‍රතිචාර දක්වමින් සඳහන් කර ඇත්තේ, ඔවුන් සම්බන්ධ ප්‍රශ්නය මානුෂිකව බැලිය යුතු බවයි.
ඉන්දියාවේ හෝ වෙනත් රටවල නිසි රැකියාවක් කිරීමට කැමති අයට ඉන්දියානු රජයට තනි තනිව හෝ ශ්‍රී ලංකා රජය සමඟ ඒකාබද්ධව ස්ථිර ලියකියවිලි ලබාදිය හැකි බවද ඔහු පවසයි.
ඒ හා සමානව, නිවාස සඳහා සරණාගතයන්ට දේපල අත්පත් කර ගැනීමේ අයිතිය ලබා දිය හැකි අතර, කඳවුරුගත සරණාගතයන්ගේ ශ්‍රී ලංකාවට පැමිණීමේ සීමාවන් ද ලිහිල් කළ හැකි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart