Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොලිසියේ පොලිස් නිල සුනඛ කොට්ඨාසය පස් අවුරුදු සැලැස්මක් යටතේ සංවර්ධනය කර අන්තර්ජාතික මට්ටමේ පොලිස් නිල සුනඛ කොට්ඨාසයක් බවට පත් කරන බවත්, පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත ඒ සම්බන්ධයෙන් විශේෂ වැඩසටහනක් ඉදිරි වසරේ සිට ක්‍රියාත්මක කරන බවත් අපරාධ සහ රථවාහන කොට්ඨාස භාර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසිංහ පවසයි.
අපරාධ සහ මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම ඇතුළු පොලිසියට පැවරෙන රාජකාරි කටයුතුවලට සහායක් ලෙස යොදාගන්නා පොලිස් නිල සුනඛ සේවය වර්තමානයේදී ඩෙංගු මදුරු කීටයන් සොයාගැනීම දක්වා පුළුල් වී තිබෙන බවත් ඉදිරියේදී ලොව අනෙකුත් රටවල මෙන් පිළිකා වැනි විවිධ ලෙඩ රෝග හඳුනා ගැනීම සඳහා ද මෙම සේවාව ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවත් හෙතෙම කීය.
මහනුවර අස්ගිරිය පොලිස් ක්‍රීඩාංගණයේදී පෙරේදා (04) පැවැති 75 වැනි පොලිස් නිල සුනඛ සැමරුම් වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමින් නියෝජ්‍ය පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කළේය.
පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ දැනට සිටින නිලධාරීන් සහ නිල සුනඛයන් සංඛ්‍යාත්මකව වැඩිකිරීමට සැලසුම් කර ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
වර්ෂ 1948දී පොලිස් කොස්තාපල්වරු තිදෙනකුගෙන් සහ පොලිස් නිල සුනඛයන් දෙදෙනකුගෙන් ආරම්භ කළ පොලිස් නිල සුනඛ සේවය 1960 වෙනම අංශයක් ලෙසත් පසුව 1990දී වෙනම පොලිස් කොට්ඨාසයක් බවටත් පත් කර තිබේ.
මේ වන විට පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිලධාරින් 325ක් සහ පොලිස් නිල සුනඛයෝ 265ක් සේවයේ යෙදී සිටිති.
මහනුවර අස්ගිරියේ පිහිටි භූමි භාගයක පිහිටා ඇති පොලිස් නිල සුනඛ කොට්ඨාස මූලස්ථානයට අමතරව ප්‍රාදේශීය මට්ටමින් ඒකක 55ක් පවත්වාගෙන යනු ලබයි.
මහනුවර පොලිස් ක්‍රීඩාංගණයේදී පැවැති 75 වැනි සැමරුමේදී පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ ආචාර පෙළපාළියක්, පොලිස් නිල සුනඛ සංදර්ශනයක්, පොලිස් බටහිර තූර්යවාදක කණ්ඩායමේ සංදර්ශනයක් සහ පොලිස් නර්තන අංශයේ ඉදිරිපත් කිරීමක් මෙහිදී පැවැත්විණි.(දිනමිණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart