Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහට විශේෂ ඉල්ලීම් 04ක් ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.
අදාළ ඉල්ලීම් වහාම ක්‍රියාත්මක කරන ලෙස, පොදුජන පෙරමුණ පක්ෂයේ ලේකම්වරයාගේ අත්සනින් යුතුව යවා ඇති ලිපියකින් මෙම ඉල්ලීම් හතර ඉදිරිපත් කර ඇත.
පොදුජන පෙරමුණේ අදාළ ඉල්ලීම් වන්නේ, සමෘද්ධි සහනාධාරය අඛණ්ඩව පවත්වාගෙන යෑම, පොහොර සහනාධාරය අඛණ්ඩව ලබාදීම, මන්ත්‍රී විමධ්‍යගත ප්‍රතිපාදන යළි ලබාදීම සහ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේදී දැනට ඒවායේ සේවය කරන සේවකයන්ගේ රැකියා අහිමි නොකිරීමයි.
විශේෂයෙන්ම සමෘද්ධි ව්‍යාපාරය ‘අස්වැසුම’ ලෙස නම්කරමින් එහි ක්‍රමවේදය වෙනස් කිරීම සුදුසු නැති බව පොදුජන පෙරමුණ විශේෂයෙන් ජනාධිපතිවරයාට අවධාරණය කර ඇතැයි වාර්තා සඳහන් කරයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දුන් විමධ්‍යගත ප්‍රතිපාදන නතර කර ඇති බැවින් ග්‍රාමීය ආර්ථික සංවර්ධනයට එය විශාල බාධාවක් බවත්, එබැවින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට විමධ්‍යගත ප්‍රතිපාදන වෙන්කිරීම නැවත ආරම්භ කරන ලෙසත් අදාළ ලිපියෙන් සාගර කාරියවසම් ඉල්ලා ඇතැයි පැවසේ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඡන්ද පදනමේ විශාල කොටසක් සකස් වී ඇත්තේ මෙම ඉල්ලීම් 04ට අදාළ ක්ෂේත්රයන්ගෙන් බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වාදෙති.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart