Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ඉදිරි ජනාධිපතිවරණයට තරග කිරීම සඳහා අමෙරිකානු පුරවැසිභාවය ඉවත්කර ගන්නා ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨ නායකයන් කිහිපදෙනකුම හිටපු ඇමැති බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා ඇතැයි ‘ඉරිදා දිවයින’ පුවත්පත වාර්තා කරයි.
සමගි ජනබලවේගය, ජාතික ජන බලවේගය යන දෙහ්සපලන පක්ෂ මේ වන විටත් ඔවුන්ගේ ජනාධිපතිවරණ අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්කර ඉදිරි ජනාධිපතිවරණයට සූදානම්වන පසුබිමක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා කවුද යන්න ප්‍රකාශයට පත්නොකර සිටීම දේශපාලන වශයෙන් අවාසිදායක බව එම ජ්‍යෙෂ්ඨ නායකයන් ඔහුට පවසා තිබේ.
පරිණත දේශපාලනඥයකු ලෙසත්, හිටපු ආර්ථික සංවර්ධන හා මුදල් ඇමැතිවරයා ලෙසත් බැසිල් රාජපක්ෂ විසින් ඉටුකර ඇති කාර්යභාරය සලකා බැලූ කල ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත් කළ හැකි සුදුසුම අපේක්ෂකයා ඔහු බවත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අවස්ථා තුනකදී පසුගිය ජනාධිපතිවරණයට සූදානම් වන ලෙසට බැසිල් රාජපක්ෂගෙන් ඉල්ලා සිටියත්, වියත්මග වැනි සංවිධානවල ඉල්ලීම මත පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂට අපේක්ෂකත්වය ලබාදුන් බවත්, පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයෙක් සඳහන් කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart