October 31, 2023

සෑම මාස 03කට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට ඇමැති මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත.

දැනට පවතින මාර්ගෝපදේශ යටතේ මාස 06කට වරක් විදුලි ගාස්තු සංශෝධනය කිරීමට අවසර ලබාදී ඇතැයි රජය සඳහන් කරයි.

කෙසේවෙතත්, එම ක්‍රමය හේතුවෙන් මහජනතාවට සිදුවන බලපෑම සැළකිල්ලට ගනිමින් මාස 03කට වරක් විදුලි ගාස්තු සංශෝධනය ඇතුළත් වන පරිදි මාර්ගෝපදේශ සංශෝධනය කිරීමට යෝජනා වී ඇත.

ඒ අනුව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.

42.31%
17.27%
32.76%