October 31, 2023

ගාසා තීරයේ ගැටුම් උත්සන්න වීමත් සමඟ චීනය විසින් ඊශ්‍රායලය සිය අන්තර්ජාල සිතියම්වලින් ඉවත් කර ඇති බව වාර්තා වේ.

අන්තර්ජාල සිතියම් අනුව කටයුතු කරන ඩිජිටල් සමාගම් වන Baidu සහ Alibaba විසින් ඊශ්‍රායලය ඔවුන්ගේ පද්ධතිවලින් ඉවත් කර ඇති බව පරිශීලකයන් වාර්තා කර ඇත.

මෙම සිදුවීම මුලින්ම වාර්තා කර ඇත්තේ The Wall Street Journal විසිනි.

Baiduහි ඩිජිටල් සිතියම් ඊශ්‍රායලය සහ පලස්තීන ප්‍රදේශ අතර මායිම් පෙන්වන නමුත් රට නමින් හඳුනා නොගන්නා බව අනාවරණය වේ.

“ලක්සම්බර්ග් වැනි කුඩා රටවල් පවා පැහැදිලිව සලකුණු කර ඇති” Alibaba’s Amapහි ද එයම දක්නට ලැබුණු බව පරිශීලකයෝ පෙන්වාදෙති.

එසේ වුවද ඊශ්‍රායලය සිතියම්වලින් ඉවත් කළේ ඇයිද යන්න පිළිබඳව සමාගම් මේ වනතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.

මෙම අපැහැදිලිභාවය පිටුපස ඇති හේතු ඊශ්‍රායල හමාස් යුද්ධය සම්බන්ධයෙන් චීනයේ නොපැහැදිලි ස්ථාවරය සමඟ ද සම්බන්ධ වී ඇත.

චීනය හමාස් සටන්කාමීන්ට ආයුධ සපයන බව ප්‍රකට රහසකි.