October 31, 2023

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් ලියාපදිංචිය අත්හිටුවා තිබියදීත් තමන් කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ සේවය කරනු ලැබුවේ එවකට සිටි සෞඛ්‍ය ඇමැතිවරයාගේ උපදෙස් මත යැයි දැනට අනිවාර්ය නිවාඩු යවා සිටින කොළඹ අතිරේක විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී එම්.එන්. රුහුල් හක් වෝහාරික විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයට යවන ලද ලිපියක සඳහන් වේ.

වෛද්‍ය ආඥාපනත පනතේ 18 වැනි වගන්තියට අනුව ඇමැතිවරයාට අදාළ කාරණය සම්බන්ධයෙන් තීරණය කිරීමට බලය ඇති බැවින් තමන් සේවයේ පිහිටුවන්නැයි ඉල්ලමින් සෞඛ්‍ය ඇමැතිවරයාට ඉකුත් ජනවාරි 23 වැනිදා යවන ලද අභියාචනයකට අනුව සේවයේ යෙදෙන්නට ඇමැතිවරයා අවසර දුන් බවද එහි සඳහන් කර ඇත.

තමන් සේවයේ යෙදුණේ ඒ අනුව බවත්, ඉන් ඉදිරියට සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් හෝ රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් වැඩිදුර උපදෙස් නොලැබුණු බවත්, ඔහු සඳහන් කර තිබේ.

වෛද්‍ය රුහුල් හක් මෙම ලිපිය ලියමින් ශ්‍රී ලංකා වෝහාරික වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයෙන් ඉල්ලා ඇත්තේ, එම විද්‍යායතනයේ සාමාජිකයෙක් වන තමන්ගේ ලියාපදිංචිය නැවත ස්ථාපිත කිරීමේ පූර්වාවශ්‍යතාව පෙන්වා ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තම ලියාපදිංචිය ලබාදෙන ලෙසය.

වෛද්‍යවරයාට එරෙහිව සිදු කර තිබූ පැමිණිල්ලක් විභාග කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඉකුත් වසරේ දෙසැම්බර් 22දා සිට 2023 අගෝස්තු 20 වැනිදා දක්වා ඔහුගේ වෛද්‍ය ලියාපදිංචිය අත්හිටුවනු ලැබීය.(මව්බිම)

42.31%
17.27%
32.76%