Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
තාරුණ්‍යයට හෙටක් පදනම 2014 දී සංවිධානය කළ හම්බන්තොට දිස්ත්‍රික් පොසොන් කලාපයට ලංවිමෙන් ලබා ගත් විදුලි උත්පාදන යන්ත්‍රවලට (ජෙනරේටර්වලට) ගෙවිය යුතු රුපියල් 1,122,889.14ක මුදල මේ වන තෙක් ගෙවා නැති බව ලංවිම ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ කැඳවුම්කරු රන්ජන් ජයලාල් අනාවරණය කර ඇත.
මෙම පොසොන් කලාපය සංවිධානය කරනු ලැබ ඇත්තේ, හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසිනි.
එම පොසොන් කලාපයට අදාළව WAS/PP/TCN/01 හා 2014.05.29 දිනැතිව රුපියල් 1,522,889.14ක් (පහළොස් ලක්ෂ විසි දෙදහස් අටසිය අසූ නවයයි ශත දහහතර) වටිනා ඇස්තමේන්තුවට අනුව තාරුණ්‍යයට හෙටක් පදනම විසින් අත්තිකාරම් මුදලක් ලෙස රුපියල් 400,000.00ක් ලංවිම වෙත ගෙවා ඇති අතර, ඉතිරි හිඟ මුදල වන රුපියල් 1,122,889.14 ගෙවන ලෙස 2019 මාර්තු 25 දින ලංවිම ලිපියක් මගින් දැනුම් දී ඇත.
ඒ අනුව, මෙම පොසොන් කලාපයට ලංවිමෙන් 380KVA විදුලිජනක යන්ත්‍ර 2ක්, 350KVA විදුලිජනක යන්ත්‍රයක්, 300KVA විදුලිජනක යන්ත්‍ර 2ක් හා 250KVA විදුලිජනක යන්ත්‍ර 2ක් කුලී පදනම මත ලබා ගැනීම වෙනුවෙන් ලංවිමට අයවිය යුතු එකී රුපියල් 1,122,889.14ක මුදල නොගෙවා ඇති බව දන්වා ලංවිම නීති නිලධාරිවරයා විසින් 2018 මැයි 31 වැනිදා එන්තරවාසියක් ද යොමු කර තිබේ.
අදාළ මුදල දින 14ක් තුළ නොගෙවුවහොත් එකී මුදල අයකර ගැනීම වෙනුවෙන් නඩු පවරන බව ද නීති නිලධාරිවරයා අවධාරණය කර ඇත.
කෙසේ නමුත් මේ වනතෙක් අදාළ හිඟ මුදල ලංකා විදුලි බල මණ්ඩලයට නොගෙවා ඇති බව රන්ජන් ජයලාල් වැඩිදුරටත් සඳහන් කරයි. (මව්බිම)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart