October 31, 2023

චීන පර්යේෂණ නෞකාව වන ෂී යැන් 6 (Shi Yan 6) මෙරට මුහුදේ සිදුකළ පර්යේෂණ මෙහෙයුම් අද (31) අවසන් කිරීමට නියමිතව ඇත.

මෙම නෞකාව කොළඹ බෙන්තරට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ පර්යේෂණ කටයුතුවල නිරත වන බව ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනයේ (NARA) අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කමල් තෙන්නකෝන් සඳහන් කරයි.

මෙම නෞකාව ඊයේ (30) පස්වරුවේ මෙරට මුහුදේ පර්යේෂණ මෙහෙයුම් ආරම්භ කළේය.

එම නෞකාවට මෙරට මුහුදේ පර්යේෂණ සිදු කිරීමට පැය 48 ක කාලයක් ලබා දී ඇත.

මෙම පර්යේෂණයේදී මුහුදු ජලයේ උෂ්ණත්වය, මුහුදු රළවල තත්ත්වය, මත්ස්‍යයන්ට වන බලපෑම සහ දේශගුණික විපර්යාස පිළිබඳව අධ්‍යයනය කිරීමට නියමිතව තිබූ බව නාරා ආයතනය සඳහන් කරයි.

විවිධ සාගර ජල මට්ටම්වල සාම්පල ද පරීක්ෂා කිරීමට නියමිත වූ බව ද එම ආයතනය පවසයි.

මෙම පර්යේෂණ කටයුතු සඳහා නාරා ආයතනයේ නිලධාරීන් 4 දෙනෙක් සහ නාවික හමුදා නිලධාරීන් දෙදෙනෙක් එක්ව සිටින බවද වාර්තා වේ.

42.31%
17.27%
32.76%