October 29, 2023

හමාස් සංවිධානයේ ත්‍රස්ත ප්‍රහාරවලට ගොදුරු වූවන් අතර චීන පුරවැසියන් හතර දෙනෙකු සිටියද චීනය විසින් එම ක්‍රියාව හෙළා නොදැකීම සම්බන්ධයෙන් අන්තර්ජාතික ප්‍රජාවේ බහුතරයක් විමතිය පළ කරති.

මේ සම්බන්ධයෙන් චීනයේ ආරම්භක ප්‍රතිචාරය වූයේ “සන්සුන්ව සිටින ලෙස” සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටීමයි.

පසුව, අන්තර්ජාතික බලපෑම් මත චීනය සාමාන්‍ය සිවිල් වැසියන්ට එරෙහි ප්‍රහාර හෙළා දුටුවේය.

කෙසේවෙතත්, එම ප්‍රහාර සිදුකර ඇත්තේ, හමාස් සංවිධානය බව චීනය විසින් සඳහන් කර නොමැති අතර, එය යුක්රේනයට එරෙහි රුසියානු ආක්‍රමණශීලී යුද්ධය සම්බන්ධයෙන් චීනය අනුගමනය කළ ආකල්පය ප්‍රතිනිර්මාණය කරමින් මැද පෙරදිග සිදු වූ දෙයට එක්සත් ජනපදය වගකිව යුතු බව දිගටම පෙන්වා දී ඇත.

‘හමාස්’ ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීම චීනය නිරන්තරයෙන් ප්‍රතික්ෂේප කළේය.

සත්‍ය කාරණය වන්නේ, ඇත්ත වශයෙන්ම, චීන කොමියුනිස්ට් පක්ෂය වසර ගණනාවක් තිස්සේ හමාස් සංවිධානය වෙත සහාය ලබා දී තිබීමයි.

උදාහරණයක් ලෙස හමාස් සංවිධානය සිය මූල්‍ය ගනුදෙනු සඳහා චීන බැංකු භාවිත කරයි.

ඊශ්‍රායලය සතුව මේ පිළිබඳ සාක්ෂි ඇති නමුත්, චීනය සමඟ ඇති ව්‍යාපාරික සබඳතා හේතුවෙන් මෙම ප්‍රශ්නය සම්බන්ධයෙන් ප්‍රශ්න කෙරෙන්නේ නැත.

ඇත්ත වශයෙන්ම, හමාස් සම්බන්ධයෙන් චීන බැංකුවල හැසිරීම මුදල් විශුද්ධිකරණය පිළිබඳ අන්තර්ජාතික නීතිමය නිර්වචනය සපුරාලන බව දැකගත හැකිය.

එසේම මෑත කාලීන ප්‍රහාරවලදී, චීන (මෙන්ම රුසියානු) ආයුධ (සහ උතුරු කොරියානු ද) හමාස් සංවිධානය භාවිත කරන බව පැහැදිලිව දැකගත හැකි විය.

හමාස් සංවිධානයට සෘජුවම ආයුධ සපයන්නේ නැති බව චීනයට පැවසිය හැකි නමුත් චීනය යනු ඉරානයේ සමීප හිතවතෙකි.

හමාස් සන්විධනය පිටුපස ඉරානය සිටින බව ප්‍රසිද්ධ රහසකි.

ඒ අනුව හමාස් වෙත චීන ආයුධ ලැබෙන මාර්ගය පැහැදිලි කරගත හැකිය.

මෑත ප්‍රහාරය පිටුපස සිටින හමාස් හමුදාපති මොහොමඩ් ඩීෆ් චීනයේ පුහුණුව ලබා ඇති අතර, ඔහුට චීන බිරිඳක් සිටින බවට චීන විරුද්ධවාදීන් සමාජ මාධ්‍යවල ඔස්සේ හෙළිකර ඇත.

එම චෝදනාව කුමක් වුවත්, පලස්තීන සටන්කාමීන් සඳහා චීනයේ හමුදා පුහුණුව දිගු ඉතිහාසයක් ඇත.

එසේම හමාස් සහ ඊට සම්බන්ධ සංවිධාන, මුස්ලිම් සහ සුන්නි අතර, සින්ජියැන්ග්හි සුන්නි මුස්ලිම් උයිගුර්වරුන් සහ අනෙකුත් තුර්කි මුස්ලිම් ජනගහනය චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිදු කරන ලද ජන සංහාරය කිසි විටෙක විවේචනය කර නැත.