Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
කෙටි කාලයක් ඇතුළත විදුලි බිල තුන්වැනි වරටත් වැඩි කිරීමට කටයුතු කිරීමත් සමග සාමාන්‍ය ජනතාව කබලෙන් ළිපට වැටී ඇති බව රහසක් නොවේ.
එය මෙරට මුළුමහත් සමාජයටම එල්ලකරන බලපෑම කෙතරම්ද යන්න දැන් දැන් දැකිය හැකිය.
ඒ දැරිය නොහැකි විදුලි බිල හමුවේ ගැනෙන විවිධ තීරණ සම්බන්ධයෙන් මේ වනවිට සමාජයේ කතිකාවක් මතුවී තිබීමෙනි.
ඉහළගිය විදුලි බිල පියවීමේ පියවරක් ලෙස දායකයන්ගෙන් අයකරගන්නා දායක මුදල් ඉහළ නැංවීමට ඇතැම් විහාරස්ථාන කටයුතු කරන ආකාරයක්ද දැකිය හැකිය.
එවැනි එක් සිදුවීමක් පසුගියදා වාර්තා වුණේ වෙන්නප්පුව දුම්මලදෙනිය ප්‍රදේශයෙනි.
දුම්මලදෙනිය සුමනාරාම විහාරස්ථානයේ විහාරාධිපති හිමිනම ඇතුළු කාර්ය සාධක සමිතිය තීරණය කර ඇත්තේ, ඉහළ ගිය විදුලි බිල පියවීම ඇතුළු විහාරස්ථානයේ කටයුතු සඳහා දායකයන්ගෙන් වාර්ෂිකව එකතුකරන දායක මුදල රුපියල් 1700 සිට රුපියල් 5475ක් දක්වා ඉහළ නැංවීමටයි.
කාර්ය සාධක සමිතිය දායකයන් වෙත යොමුකළ ලිපියක දැක්වෙන්නේ මෙම සංශෝධනය ඔක්තෝබර් මාසයේ සිටම ක්‍රියාත්මක කරන බැවින් දිනකට රුපියල් 15ක් ලෙස ඉදිරි මාස තුන සඳහා රුපියල් 1350ක මුදලක් ගෙවියයුතු බවයි.
ලබන වසර සඳහා දිනකට රුපියල් 15 බැගින් වසර සඳහා වන රුපියල් 5475ක මුදල වාරික තුනක් යටතේ ගෙවීමට දායකයන්ට දැනුම්දී තිබේ.
වසර දෙකක කාලයක් දායක මුදල් නොගෙවන දායකයන් සමිතියෙන් ඉවත්කරන බවද එම ලිපියේ දක්වා තිබේ.
මීට නොදෙවැනි, නැත්නම් ‘ඊටත් හපන්’ සිදුවීමක් පසුගියදා වාර්තා වූයේ හත්ලාහ ශ්‍රී මෙත්තාරාම විහාරස්ථානයෙනි.
එහි විහාරාධිපති හඳුන්ගමුවේ ඉන්ද්‍රජෝති හිමියන් සිය දායකයන්ට දැනුම්දී ඇත්තේ ඉදිරි කථින පිංකම සම්බන්ධයෙන් පැවැත්වෙන සාකච්ඡාවකට පැමිණීම අනිවාර්ය බවත්, එසේ නොපැමිණෙන දායකයන්ගේ පිංකම්වලට විහාරස්ථානය දායකත්වය ලබානොදෙන බවත්ය.
නොකියා කියන්නේ, පාන්සකූලයකට, බණකට, දානයකට වඩින්නේ නැති බවයි.
නිවසේ විදුලි බිල පවා ගෙවාගත නොහැකිව සිටින දායකයන්ගෙන් විහාරස්ථාන සඳහා මෙලෙස මුදල් අයකිරීම සහ මුදල් විශාල ලෙස වැයකරන පිංකම්වලට ගෙන්වාගැනීමට තර්ජනය කිරීම කෙතරම් සාධාරණද යන්න බරපතල ලෙස සිතා බැලිය යුතු කාරණයකි.
නොඑසේනම් සිදුවනු ඇත්තේ දැනට පන්සල් වෙත යම් තරමකින් හෝ ඇදීයන දායකයන් ඉදිරියේදී පන්සල් දෙස නොබලන තත්ත්වයක් ඇතිවීම මිස අන් කිසිවක් නොවේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart