October 28, 2023

එක්සත් රාජධානිය පදනම් කරගත් සමාගමක් වන ACE Money Transfer හි මෑත වාර්තාවකට අනුව, කළු අලෙවිකරණය සහ ජාවාරම් පිළිබඳ පැතිරී ඇති ගැටළු හේතුවෙන් පකිස්ථානය බිඳවැටෙන ආර්ථික අර්බුදයක් සමඟ පොරබදමින් සිටී.

මෙම නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට කළු වෙළඳපොල මුදල් වෙළඳාම, තෙල් ජාවාරම, රත්‍රං ජාවාරම සහ ආනයන පාලනයන් මගහැරීම ඇතුළු පුළුල් පරාසයක රහසිගත මෙහෙයුම් ඇතුළත් වේ.

මෙම ක්‍රියාකාරකම්වල බලපෑම සැලකිය යුතු මූල්‍ය පාඩු ඇති කරනවා පමණක් නොව පාකිස්තානයේ ආර්ථික ස්ථාවරත්වයට, රජයේ ආදායමට සහ සමස්ත මූල්‍ය සෞඛ්‍යයට දැඩි තර්ජනයක් එල්ල කර තිබේ.

මෙම තත්වය අනෙක් අතට, ආනයනික භාණ්ඩ සාමාන්‍ය පුරවැසියන් සඳහා මිල අධික වීම නිසා මුදල් අවප්‍රමාණය වීමට සහ උද්ධමනය ඉහළ යාමට හේතු වී ඇත.

ACE සමාගම් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී රෂීඩ් අෂ්රෆ් අවධාරණය කරන්නේ, මෙම අර්බුද සමනය කර ගැනීම සඳහා වැඩි දියුණු කළ පාලනයක් අත්‍යවශ්‍ය බවයි.

ජාවාරමට එරෙහිව සටන් කිරීමට සහ නියාමන ක්‍රියාමාර්ග වැඩි දියුණු කිරීමට සාමූහික ප්‍රයත්නයක් මගින් මූල්‍ය වෙලඳපොලවල ස්ථාවරත්වය ප්‍රතිෂ්ඨාපනය කරනවා පමණක් නොව පකිස්ථානයේ ආර්ථික හා මූල්‍ය වර්ධනය ද ඇති කරන බවද ඔහු ප්‍රකාශ කරයි.

ඩොලර් ජාවාරමෙන් පමණක් මසකට ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක් පමණ ඉපැයෙන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස වාර්ෂිකව ඩොලර් බිලියන 2ක පමණ පාඩුවක් පාකිස්ථාන රජයට සිදුවේ.

සමස්තයක් ලෙස පකිස්‌තානයේ ආර්ථිකයට වාර්ෂිකව ඩොලර් බිලියන 23 ක පහරක්‌ මෙම ජාවාරම් හේතුවෙන් සිදුවන බව පැවැසේ.