October 27, 2023

දකුණු කොරියානු නාවික හමුදාවට අයත් ROKS ‘Kwangageto the Great’ නෞකාව සංචාරයක් සඳහා ඊයේ(26) කොළඹ වරායට සේන්දු විය.

ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව එම නෞකාව පිළිගන්නා ලදී.

ROKS ‘Kwanggaeto the Great’ යනු කාර්ය මණ්ඩල සාමාජිකයින් 249 දෙනකුගෙන් සමන්විත මීටර් 135 ක් දිග නෞකාවක් වන අතර, එයට කපිතාන් Kim Hyoung Churl අණදෙනු ලබයි.

ශ්‍රී ලංකාවේ වරාය, නාවික හා ගුවන් සේවා ඇමැති නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු අමුත්තන් පිරිසක් ROKS ‘Kwangageto the Great’ නෞකාවේදී සාකච්ඡාවක් පවත්වා ඇත.

මෙම අවස්ථාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා යන නිලධාරින්ද සහභාගිවී ඇත.

නෞකාව කොළඹ රැඳී සිටින කාලය තුළ ROKS ‘Kwangageeto the Great’ නෞකාවේ කාර්ය මණ්ඩලය දිවයිනේ සංචාරක ආකර්ෂණ ස්ථාන කිහිපයක් නැරඹීමට නියමිත අතර නෞකාව සෙනසුරාදා (28) ශ්‍රී ලංකාවෙන් පිටත් වීමට නියමිතය.

42.31%
17.27%
32.76%