October 26, 2023

බැංකු ගිණුම් නොමැතිවීම හේතුවෙන් සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් 156,261ක් සඳහා අස්වැසුම සුබසාධන ගෙවීම් ලබාගැනීමට නොහැකි වී ඇතැයි වාර්තා වේ.

අස්වැසුම සුබසාධන දීමනාවේ ජූලි මස වාරිකය ලබාගැනීම සඳහා සුදුසුකම් ලත් ප්‍රතිලාභීන් අතරින් තවමත් බැංකු ගිණුම් නොමැති ප්‍රතිලාභීන්, වාරිකය ලබාගැනීම සඳහා බැංකු ගිණුම් විවෘත කළ යුතු බව ශ්‍රී ලංකා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති ජයන්ත විජේරත්න පවසයි.

ඔහු වැඩිදුර සදහන් කරන්නේ, කිසිදු අවස්ථාවක වාරික දිමනාව ඍජු ගෙවීම් ක්‍රමයට සිදුනොකරන බවයි .

ජූලි මාස වාරිකය මේ වන විට පවුල් 1,230,097 ක් සඳහා ලබා දී ඇති අතර, ඒ සඳහා රුපියල් 7,705,302,250.00 ක මුදලක් වැයව ඇති බවත්, ඉතිරි ගෙවීම් දෙසැම්බර් මාසය වනවිට අවසන් කරන බව හෙතෙම සඳහන් කරයි.

ගිණුම් විවෘත කිරීම ලංකා බැංකුවේ, මහජන බැංකුවේ, ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ හෝ ප්‍රාදේශීය සංවර්ධන බැංකු යන ඕනෑම ශාඛාවකින් සිදුකළ හැකි අතර මේ සදහා අස්වැසුම පරිගණක පද්ධතියෙන් නිකුත් කරන ලද ලිපියක් ඉදිරිපත් කළ කළ යුතු වේ.

42.31%
17.27%
32.76%