Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මඩකලපුව දිස්ත්‍රික්කයේ දිවුල්පොතාන ගම්මානයේ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීමට උත්සාහ කරන බවට චෝදනා කරන මඩකලපුව මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන්, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව මැදිහත් වී වින්දිතයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන ලෙස ඉල්ලා ඇත.
ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් උන්වහන්සේ මේ බව සඳහන් කර ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහට මැතිවරණ සහාය ලබාදීම සම්බන්ධයෙන් වත්මන් පරිපාලනය සමඟ ඇති කරගත් අවබෝධතාවය මත දිවුල්පොතාන සහ ඒ ආශ්රිත ගම්මානවල වෙසෙන ජනතාව බියගැන්වීමට වික්‍රමසිංහ-රාජපක්ෂ ආණ්ඩුව දෙමළ ජාතික සන්ධානයට ඉඩ දී ඇති බව සුමනරත්න හිමියන් ප්‍රකාශ කර තිබේ.
දේශපාලන නායකයාගේ නියමය පරිදි අදාළ මහවැලි බලධාරීන් සහ පොලිසිය දෙමළ ජාතික සන්ධානය සහ නැඟෙනහිර පළාතේ සිංහල පවුල් බලහත්කාරයෙන් ඉවත් කිරීමට උනන්දු වූ පිරිසට පූර්ණ සහයෝගය ලබාදුන් බවට උන්වහන්සේ චෝදනා කර ඇත.
එම මෙහෙයුමට සම්බන්ධ ප්‍රධාන දේශපාලනඥයන් දෙදෙනා ලෙස උන්වහන්සේ නම් කර ඇත්තේ, දෙමළ සන්ධානයේ මඩකලපු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ශානක්‍යන් රාසමානික්කම් සහ ලංකා කම්කරු කොංග්‍රසයේ නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමන් යන අයවලුන් වේ.
කරදියනාරු පොලිසිය දිවුල්පොතාන ප්‍රදේශයේ පිහිටි තමාගේම විහාරස්ථානය වෙත යෑමට ඉඩ නොදී තම අයිතීන් කඩකරමින් කටයුතු කළ බව උන්වහන්සේ ප්‍රකාශ කරයි.
රජයේ ඉඩම් බලහත්කාරයෙන් අල්ලාගෙන , පවුල් 13 ක පිරිසකට එරෙහිව මහවැලි බලධාරීන් එරාවුර් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව සුමනරත්න හිමියෝ පවසති.
දිවුල්පොතාන වෙහෙරගොඩැල්ල විහාරස්ථානයේ උන්වහන්සේ තැන්පත් කර තිබූ බුද්ධ ප්‍රතිමාවක් ද අතුරුදන් වී ඇති බවට චෝදනා කරන උන්වහන්සේ, තම පැමිණිල්ල විභාග කර අවශ්‍ය පියවර ගන්නා ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලීම් කර ඇති බවද සදහන් වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart