October 26, 2023

පාසල් ළමුන් ප්‍රවාහනය කරන අබලන් බස් රථ සහ වෑන් රථවලට එරෙහිව පොලිසිය දැඩි ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට නියමිතව ඇතැයි වාර්තා වේ.

අද (26) ජනමාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් රථවාහන අංශයේ ප්‍රධාන සහකාර පොලිස් අධිකාරී මනෝජ් රණගල මේ බව සඳහන් කර ඇත.

නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිපදෙනෙක්ගේ සහාය ඇතිව මේ සම්බන්ධව සිදුකළ සමීක්ෂණයේදී අබලන් වාහන දැඩි සේ පරීක්ෂා කළ බව ඔහු පවසා තිබේ.

එමෙන්ම භාවිතයට ගත නොහැකි තත්ත්වය හේතුවෙන් මගී ප්‍රවාහන සේවයෙන් ඉවත් කර ඇති බස් රථ බොහොමයක් මෙසේ පාසල් ප්‍රවාහන සේවය සඳහා යොදාගෙන ඇති බව සොයාගෙන ඇතැයි හෙතෙම සඳහන් කරයි.

මෝටර් රථ පරීක්ෂකවරුන්ගේද සහාය ඇතිව සිදුකළ සමීක්ෂණයකින් අනතුරුව මේ සම්බන්ධයෙන් තහනම් නියෝග නිකුත් කළ බවද සහකාර පොලිස් අධිකාරිවරයා පවසයි.

මෙය බරපතල ප්‍රශ්නයක් බවත්, ආරක්‍ෂිත ක්‍රමවේද නොමැතිකම හේතුවෙන් අහිංසක ජීවිත අහිමි වන බවත්, හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

42.31%
17.27%
32.76%