Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රීපාදස්ථානයේ විදුලි බිල කිසිම දිනක ගෙවා නොමැති බවත්, එසේම කිසම දිනක එය ගෙවන්නේ නැති බවත්, ශ්‍රීපාදස්ථානාධිපති ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ කුලපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝනායක ධර්මකීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ පැවසූහ.
ශ්‍රීපාද වන්දනා වාරය පවතින මාස 06ක කාලය පුරාම ජෙනරේටරයක් මඟින් උඩමළුවට විදුලිය ලබාදීමට තමන්ට හැකි බව ද උන්වහන්සේ පවසති.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරය (2023/2024) ආරම්භ කිරීම නිමිත්තෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් වසන්ත ගුණරත්නගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය නිලධාරීන්, රාජ්‍ය ආයතන හා ස්වේච්ඡා සංවිධාන සමග රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පෙරේදා (24) පැවැති පළමු සම්බන්ධීකරණ රැස්වීමේ දී නාහිමියෝ එසේ පැවසූහ.
පසුගිය වසරේදී ද විදුලිය ලබාගැනීම වෙනුවෙන් හිඟ මුදලක් ඇති බව ලංකා විදුලි බලමණ්ඩලය වෙනුවෙන් සහභාගී වූ රත්නපුර දිස්ත්‍රික් ප්‍රධාන විදුලි ඉංජිනේරුවරයා එහිදී සඳහන් කර ඇත.
එමෙන්ම එය මේ වන විට ගෙවීමට එකඟ වී තිබෙන හෙයින් මෙවර ශ්‍රීපාද වන්දනාවාරයට අවශ්‍ය විදුලි පහන්, වයර් සහ සේවක මණ්ඩලය දැනටමත් වෙන්කර ඇති අතර, වැයවන විදුලි බිල ගෙවීමට අදාළ බලධාරීන් දැනුවත් කරන ලෙසත් එම අවස්ථාවේදී ඉල්ලා තිබේ.
මෙහිදී ශ්‍රීපාදස්ථානාධිපති බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියෝ වැඩිදුරටත් මෙසේ ද පැවසූහ.
”ශ්‍රීපාදස්ථානයේ විදුලි බිල කිසිම දවසක අපි ගෙවලා නැහැ. ගෙවන්නෙත් නැහැ. ශ්‍රී පාදමළුවට වන්දනා කරන්න එන ප්‍රධාන මාර්ග තුනක් තියෙනවා. එහි ජනතාව පාගමනින් දිවා රාත්‍රියේ ගමන් කරන්නේ. විදුලිය එම ජනතාවගේ අවශ්‍යතාවයක්.
1947 දී රජය මගින් මේ විදුලිය ශ්‍රීපාදස්ථානයට දුන්නේ විදේශ ඉංජිනේරුවන්ට වසර 20 කාලයක නිමකරන්න බැරි වූ ලක්ෂපාන විදුලි බලාගාරය අපේ ඉංජිනේරුවරු සමන් දෙවියන්ට භාරයක් වෙලා, පහන් ලක්ෂයක් දැල් වූ නිසා තමයි ලක්ෂපාන නමින් නම් වූයේ. එය මෙතෙක් සිදු වූවා. ඔබතුමාලට පාඩු නම් විදුලිය කපන්න.
ශ්‍රීපාද මළුවට ලබාදෙන විදුලිය අපි ඉල්ලලා ගත්තු එකක් නොවේ. හිටපු නායකයන් ලක්ෂපාන විදුලි බලාගාරය තියෙන තුරු, විදුලිබල මණ්ඩලය පවතිනතුරු ශ්‍රීපාදස්ථානයට විදුලිය ලබාදෙනවා යැයි පොරොන්දුවක් වී කරගෙන එන එකක්. ඒ අනුව දායකයෙක්වත්, වෙන නායක හාමුදුරුවෝ කෙනෙක්වත් මෙතෙක් ශ්‍රීපාදස්ථානයේ විදුලිබිල ගෙවලා නැහැ. මට පූර්වාදර්ශයක් නොමැති කිසිවක් කරන්න බැහැ.”
මේ අතර එළඹෙන ශ්‍රීපාද වන්දනාවාරයට ආරක්ෂක, සෞඛ්‍ය, ජල සැපයුම්, සනීපාරක්ෂක ඇතුළු පහසුකම් සැපයීමට ඒ සඳහා අදාළ අංශවල නිලධාරීන් ඔවුන්ගේ වගකීම් පිළිබඳ මෙහිදී සාකච්ඡා කර ඇත.
මෙවර ශ්‍රීපාද වන්දනා වාරය දෙසැම්බර් 26 වැනිදා උඳුවප් පෝය දිනයෙන් ආරම්භ වී 2024 වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතය.
ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවෙල ශ්‍රීපාද රජමහ විහාරස්ථානයේ තැන්පත් කර ඇති ඓතිහාසික සමන්දේව ප්‍රතිමාව මෙන්ම සධාතුක කරඬුව සමග දේවාභරණ දෙසැම්බර් 24 දින සවස පහේ සිට සැදැහැවතුන්ගේ වන්දනාව උදෙසා අවස්ථාව සලසා දී ඇති අතර පසු දින එනම් දෙසැම්බර් 25 වැනිදා අලුයම 4. 30 ට එය අවසන් කිරීමට නියමිතව ඇත.
පසුව අවිස්සාවේල්ල හරහා හැටන්, පලාබද්දල, එරත්න සහ බලංගොඩ හරහා පෙරහැර හතරකින් ශ්‍රීපාදමළුව කරා ඓතිහාසික සමන්දේව ප්‍රතිමාව, සධාතුක කරඬුව සහ දේවාභරණ වැඩම කිරීමට නියමිතය.(දිවයින)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart