Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
2023/24 ශීත ඍතුව සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන බ්‍රිතාන්‍ය සංචාරකයන් තවදුරටත් ප්‍රවර්ධනය කිරම සඳහා ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය ‘කටාර් එයාර්වේස්’ සමඟ සහයෝගයෙන් කටයුතු කරයි.
මේ සදහා ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය කටාර් එයාර්වේස් සමඟ අත්වැල් බැදගෙන තිබේ.
බ්‍රිතාන්‍යයේ ප්‍රධාන ධාරාවේ පුවත්පත් වන The Sun, The Independent, Daily Mail, Daily Mirror, Daily Express සහ Daily Star එක්සත් රාජධානියේ සහ යුරෝපයේ මහජන සම්බන්ධතා කාර්යාලය වන කටාර් එයාර්වේස් සමඟ ගිවිසුම් ගතව ඇත.
ඉහළ පිළිගැනීමක් සහිත මෙම ප්‍රකාශන බ්‍රිතාන්‍ය මහජනතාව, යුරෝපීය ප්‍රේක්ෂකයන් ඇතුළු ගෝලීය පාඨකයන් මිලියන 51ක පමණ අතර මුද්‍රිත සහ අන්තර්ජාලය හරහා සංසරණය වේ.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයෙහි ආගන්තුක මාධ්‍යවේදීන්ගේ වැඩසටහන යටතේ එක්සත් රාජධානියේ හඳුනාගත හැකි දෛනික සහ සතිපතා පුවත් ප්‍රකාශන පිළිගැනීමට ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරය කටාර් එයාර්ලයින්ස් සමඟ සහයෝගයෙන් කටයුතු කළ පළමු අවස්ථාව මෙය බව වාර්තා වේ.
ශ්‍රී ලාංකේය උරුමයන්, සංස්කෘතිය, වන සතුන්, සොබාදහමේ දර්ශනීය සුන්දරත්වය ප්‍රවර්ධනය කිරීම සඳහා දින 6/7 ක සංචාරයක් සදහා කොළඹ, හබරණ, සීගිරිය, මහනුවර, නුවරඑළිය, ඇල්ල, වැලිගම, මිරිස්ස සහ බලපිටිය ආවරණය වන පරිදි අද්විතීය හෝටල් සහ නිවාඩු නිකේතන සමග මෙම සංචාරක මාධ්‍යවේදීන් රැගෙන යෑමට සංචාරක කර්මාන්තය කටයුතු සළසා තිබේ.
ආගන්තුක සත්කාර කර්මාන්තය හි හවුල්කරුවන් ගල්කිස්ස හෝටලය, ජෙට්වින්ග් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස්, කේප් වැලිගම සහ නුවරඑළිය ද ග්‍රෑන්ඩ් හෝටලය ආදිය සමග එක්සත් රාජධානිය සහ යුරෝපය ඉලක්ක කර ගනිමින් මෙම ජාතික ප්‍රවර්ධන කටයුතු සඳහා සහය දැක්වීමට ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය ඉදිරිපත් ව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart