Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන ඔවුන්ගේ ව්‍යාපෘති පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගිය සතියේ සිදුකළ චීන සංචාරය අතරතුරදී ශ්‍රී ලංකාවේ ඉන්ධන අලෙවි කිරීම ආරම්භ කර ඇති සයිනොපෙක් (Sinopec) සමූහයේ සභාපති Ma Yongsheng සහ Sinopec සමූහයේ ඉහළ විධායකයන් සමඟ විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන සිය ව්‍යාපෘති පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා සමග සයිනොපෙක් ප්‍රධානීන් සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, ආයෝජන මණ්ඩලයේ සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ සභාපති දිනේෂ් වීරක්කොඩි, ජනාධිපති ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ තීක්ෂණ අබේවර්ධන, ෂැංහයි හි ශ්‍රී ලංකා ගරු කොන්සල් අනුර ප්‍රනාන්දු යන පිරිසද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.
සයිනොපෙක් විසින් ශ්‍රී ලංකාවේ සිල්ලර ඉන්ධාන වෙළඳාම ආරම්භ කිරීමෙන් අනතුරුව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අභියෝග ගණනාවකට මුහුණදීමට සිදුව ඇති බව වාර්තා වේ.
සයිනොපෙක් විසින් අඩු මිලට ඉන්ධන අලෙවි කිරීම සහ සංස්ථාවේ ඉන්ධන මිල ඊට සාපේක්ෂව සංශෝධනය නොකිරීම හේතුවෙන් සිපෙට්කෝ පිරවුම්හල් පාඩු ලබන බව මේ වන විටත් පිරවුම්හල් හිමියන් විෂය භාර ඇමැතිවරයාට දැනුම්දී ඇත.
සිල්ලර ඉන්ධන අලෙවියට අමතරව, හම්බන්තොට ඉදිකිරීමට යෝජිත නව ඉන්ධන පිරිපහදුවේ ටෙන්ඩරය සයිනොපෙක් සමාගමට ලබාදීමට රජය සූදානම් බව වාර්තා අනාවරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart