Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
දිවයින පුරා පිහිටි, සංචාරක ආකර්ෂණයක් සහිත තෝරාගත් මෙරට උරුමයන් වන ස්ථාන නැරඹීමට කැමති විදෙස් සංචාරකයන් සඳහා පැකේජ ටිකට්පතක් හඳුන්වා දීමට තීරණය කර තිබේ.
විදෙස් සංචාරකයන්ට දිවයිනට පැමිණීමට පෙර අන්තර්ජාලය ඔස්සේ හෝ දිවයිනට පැමිණි පසු ගුවන් තොටුපළේදී හෝ එම ටිකට්පත මිලදී ගත හැකියි.
අගමැතිවරයා, සංචාරක සහ ඉඩම් ඇමැතිවරයා, විදේශ කටයුතු ඇමැතිවරයා සහ මහජන ආරක්ෂක ඇමැතිවරයා විසින් සංචාරකයන්ගේ පැමිණීම ඉහළ නැංවීමේ උත්සාහයක් ලෙස එකාබද්ධව ඉදිරිපත් කරන ලද එම යෝජනාවට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ.
මෙම පැකේජ ටිකට්පත මගින් සංචාරකයන්ට කිසිදු බාධාවකින් තොරව ලෝක උරුම ස්ථාන සහ මෙරට ඓතිහාසික ස්ථාන නැරඹීමට පහසුකම් සැළසෙන බව කැබිනට් පත්‍රිකාවේ සඳහන් වේ.
නැරඹුම් මැදිරිය සඳහා මාර්ගගතව දුම්රිය ප්‍රවේශපත්‍ර වෙන්කරවා ගැනීමට සංචාරකයන්ට ඉඩ සැලසෙන සැලැස්මකට ද කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.
පාස්කු ප්‍රහාරයෙන්,කොවිඩ් වසංගතයෙන් සහ මූල්‍ය අර්බුදයෙන් සහ එමගින් ඇතිවූ දේශපාලන නොසන්සුන්තාවෙන් නැවත නැවතත් පහර වැදී ඇති මෙරට සංචාරක කර්මාන්තය නැවත පණගැන්වීම කෙරෙහි රජය අවධානය යොමුකර ඇත.
ඇමැතිවරු කිහිපදෙනකු විසින් සාමූහික උත්සාහයක් ලෙස මෙලෙස විවිධ සැලසුම් ඉදිරිපත්කර ඇත්තේ වසරකට සංචාරකයන් මිලියනයක් ගෙන්වා ගැනීමේ අපේක්ෂාවෙනි.
ශ්‍රී ලංකාව පළමු වරට සහ නැවත පැමිණෙන අමුත්තන් යන දෙවර්ගයම ඉලක්ක කරගනිමින් ‘තවත් දේ වෙනුවෙන් ඔබ නැවත පැමිණේවි ’(You’ll come back for more)යන තේමාව මත මෙම ප්‍රවර්ධන වැඩසටහන දියත් කර තිබේ.
2023 ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලයේදී මෙරට සංචාරක ඉපැයීම් අමෙරිකානු ඩොලර් බිලියන 1.46ක් දක්වා ළඟාවූ අතර එය පෙර වසරට සාපේක්ෂව සියයට 67ක වැඩිවීමක් බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart