Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මීළඟ මහ මැතිවරණය ලබන වසරේ මාර්තු මාසයේදී පැවැත්වීමට නියමිත බවට දේශපාලන ක්ෂේත්‍රයේ කතාබහක් මතුව තිබේ.
ඒ අනුව, එලෙස පැවැත්වෙනු ඇති බව කියන මහ මැතිවරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබලයන් අතර අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භවී ඇතැයි දැනගන්නට ඇත.
සැප්තැම්බරයේදී ජාතික ජන බලවේගය සඳහා පැවැති ජනතා ප්‍රසාදය සියයට 42 දක්වා ඉහළගොස් ඇති බවට සෞඛ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආයතනයේ ‘ශ්‍රී ලංකා මත විමසුම් සමීක්ෂණය’ මගින් හෙළිව තිබීම මෙම සාකච්ඡා කඩිනම් කිරීමට හේතුවක්වී ඇති බවටද වාර්තා වේ.
එම සමීක්ෂණ දත්ත පෙන්වාදී තිබුණේ, සැප්තැම්බරයේදී විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂය වන සමගි ජන බලවේගය, ජනාධිපතිවරයාගේ එක්සත් ජාතික පක්ෂය සහ පාලක ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා ජාතික ජන බලවේගය වඩාත් ඉදිරියට පැමිණ ඇති බවයි.
එම සමීක්ෂණයට අනුව එක්සත් ජාතික පක්ෂයට සියයට 13ක ජන ප්‍රසාදයකුත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 08ක ප්‍රතිශතයකුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සියයට 04ක ප්‍රතිශතයකුත් හිමිව තිබිණි.
මේ අතර දේශපාලන ආරංචි මාර්ග අනාවරණ කරන්නේ, 2023 අයවැයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට රජය කල්පනා කරමින් සිටින බවයි.
මෙම පියවරට හේතුව, 2024 සැප්තැම්බර් මාසයේදී හෝ ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරණයක් පැවැත්වීම සහ වසර අවසානයට පෙර මහ මැතිවරණයක් පැවැත්වීම පිළිබඳ ප්‍රායෝගික අභියෝගය බව පැවසේ.
මැතිවරණයක් සංවිධාන කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාවට හිමිවිය යුතු අවම කාලසීමාවක් තිබේ.
එම කාලසීමාව සහ මැතිවරණ කාලසටහන දෙස අවධානය යොමුකිරීමේදී, 2024 මාර්තු මාසයේදී මහ මැතිවරණයක් පැවැත්වීම වඩාත් ප්‍රායෝගික විසඳුම වියහැකි බවට මත ඉදිරිපත්වී ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පෙන්වාදෙයි.
කෙසේවෙතත්, මෙම ක්‍රියාමාර්ගය ශ්‍රී ලංකා දේශපාලනයට නව පෙරළියක් හඳුන්වා දිය හැකි බවටද විවිධ අදහස් පළවී තිබේ.
දැනට පළවන අනාවැකිවලට අනුව මාර්තු මාසයේදී මහමැතිවරණය පැවැත්වුවහොත්, කිසිදු දේශපාලන පක්ෂයකට සපූර්ණ බහුතරයක් නොලැබෙනු ඇති අතර ඒ අනුව පක්ෂ කිහිපයක් එකතු වී පිහිටුවාගත් සභාග ආණ්ඩුවක් බිහිවිය හැකිය.
එවැනි පරිසරයකදී ජනාධිපති රනිල් වික්‍රමසිංහට, වඩා පහසුවෙන් ඡන්ද බෙදී ඇති පදනම අනුව කුඩා කණ්ඩායම් රැසක් සිය ග්‍රහණයට ගනිමින් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයක් නිර්මාණය කරගත හැකි පුළුල් සන්ධානයක් ගොඩනගා ගත හැකි වනු ඇතැයි ඔහුගේ පාර්ශ්වයෙන් අපේක්ෂා පළව තිබේ.
එසේම එවැනි සන්ධානයක් හරහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වර්තමානයේ පවතින බලය අහෝසි කර දැමිය හැකි අතර, එවිට තවදුරටත් ජනාධිපතිවරයා හැසිරවීමේ තීරණාත්මක බලය පොදුජන පෙරමුණට හිමි නොවේ.
එසේම ජනාධිපතිවරයාට පොදුජන පෙරමුණේ බන්ධනයෙන් මිදී තමාට රිසි පරිදි කටයුතු කිරීමේ හැකියාවද ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
මෙම තත්ත්වය දේශපාලන පක්ෂ අතර සාකච්ඡාවට තුඩුදී ඇති අතර, එවැනි හවුල් ආණ්ඩුවක ශක්‍යතාව සහ ප්‍රතිවිපාක පිළිබඳවද ප්‍රශ්න මතු වී තිබේ.
විශේෂයෙන්ම පොදුජන පෙරමුණ විසින් කඩිනම් මහ මැතිවරණයක ආදීනව තක්සේරු කරමින් සිටින්නේ, මෙවැනි පසුබිමකය.
කෙසේවෙතත් මේ දක්වා නිශ්චිත තොරතුරක් ප්‍රකාශයට පත්කර නොමැති බැවින් මහ මැතිවරණය පැවැත්වෙන නිශ්චිත කාලය තීරණය කිරීමට තවමත් කල් ඉතිරිව ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart