Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
සෞඛ්‍ය අමාත්‍යංශයේ මෙන්ම ඖෂධ නියාමන අධිකාරිය සහ වෛද්‍ය සැපයුම් අංශය වැනි සෙසු ආයතනවල ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් ඉවත් කිරීමේ වැදගත්කම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.
නව සෞඛ්‍ය ඇමැති රමේෂ් පතිරණගේ පත්වීම පිළිගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ පවසන්නේ, සෞඛ්‍ය ක්ෂේත්‍රය දැනට පොරබදමින් සිටින ගැටලු විසඳීම සඳහා නව ඇමතිවරයා නව ප්‍රතිපත්ති මාලාවක් ඉදිරිපත් කළයුතු බවයි.
“කොහොම වුණත් අලුත් ඇමැතිතුමා සාර්ථක වෙන්න නම් සෞඛ්‍ය ක්ෂේත්‍රයට පරපෝෂිතයන් වෙලා ඉන්න ඇතැම් සෞඛ්‍ය නිලධාරීන් ඉවත් කරන්න ඕන. මේ නිලධාරීන් තමයි ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය අනතුරේ දමා තිබෙන්නේ” යැයි ඔහු පෙන්වාදෙයි.
සේවය සඳහා කැපවන නිලධාරීන් පිරිසකගේ සහාය නව ඇමැතිවරයාට අවශ්‍ය බව ද ඔහු වැඩිදුරටත් පවසයි.
මේ අතර, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න පවසන්නේ , ඕනෑම ඇමැතිවරයකු සමඟ කටයුතු කිරීමට තමන් සූදානම් බවයි.
කෙසේවෙතත්, ඔහු හෝ ඇය දූෂිතයකු නොවිය යුතු බව එම සංගමයේ අදහස වී තිබේ.
“නායකත්වයේ වෙනසක් අවශ්‍ය වුණා. අපි නව ඇමැතිවරයා සමඟ සම්බන්ධවීමට කැමැත්තෙන් සිටිනවා. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උපරිම සහයෝගයත් ලබාදෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින ඖෂධ හිඟය, ඖෂධවල ප්‍රමිතිය, ක්‍ෂේත්‍රයේ දූෂණය වැනි ගැටලුවලට විසඳුම් ලබාදීමට නව ඇමැතිවරයා වහා පියවර ගත යුතුයි” යැයිද ඔහු අවධාරණය කරයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart