Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
මින් ඉදිරියට ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතු සම්බන්ධයෙන් ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින් පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභාව එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම්දෙන ලෙස නිර්දේශ කර තිබේ.
2022 මැයි 09වැනි දින සිදු වූ සිදුවීම්වලින් පසුව තානාපතිවරියගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර වශයෙන් මෙම නිර්දේශය නිකුත් කර තිබේ.
ජාතික ආරක්‍ෂාවට අදාළ කරුණු සාකච්ඡා කිරීම සඳහා කමිටු සාමාජිකයන්, ආරක්‍ෂක ලේකම්වරයා, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්‌පතිවරයා ඇතුළු රාජ්‍ය නිලධාරීන් සහභාගි වූ කමිටුව සති දෙකකට පෙර පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්‌විය.
පසුගිය සතියේ ආරක්ෂක රාජ්‍ය ඇමැතිවරයා වෙත ලිපියක් යොමුකරමින්, ආංශික අධීක්ෂණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් වීරසේකර ඉහත සිද්ධිය සම්බන්ධයෙන් අමෙරිකානු තානාපතිවරියගේ ප්‍රකාශ පිළිබඳව කනස්සල්ල පළකළේය.
නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩිතැබීම සම්බන්ධයෙන් විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදු කරන ලෙස තානාපතිවරිය පෙනීසිටි බවත්, සාමකාමී විරෝධතා දැක්වීමට ජනතාවගේ අයිතිය සුරක්ෂිත කිරීමේ වැදගත්කම අවධාරණය කළ බවත් ඔහු අවධාරණය කළේය.
සරත් වීරසේකර ප්‍රශ්න කළේ, ටයර් පුළුස්සා දැමීම, අධිවේගී මාර්ග හා දුම්රිය මාර්ග අවහිර කිරීම, ඉන්ධන පිරවුම්හල් විනාශ කිරීම, තෙල් බවුසර්වල ටයර් කැපීම, පොලිසියට ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා විරෝධතාවක් ද, එසේත් නැතිනම් සාමකාමී ක්‍රියාවක් ද යන්න පිළිබඳව තානාපතිවරියගේ අවබෝධය කුමක්දැයි කියාය.
“පොලිසිය නිරායුධ විරෝධතාකරුවන්ට වෙඩි තබනවා” යනුවෙන් ප්‍රකාශ කිරීමෙන්, දැනට ශ්‍රී ලංකාවේ පදිංචිව සිටින තානාපතිවරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ලොවටම ඉතා අහිතකර පණිවිඩයක් යවන බව ඔහු තර්ක කළේය.
වැඩිහිටියකු වූ තානාපතිවරියට මෙම අවබෝධය තිබිය යුතු බව ඔහු තරයේ කියා සිටියේය.
සාමකාමී විරෝධතාවයේ අයිතිය සම්බන්ධයෙන් ප්‍රකාශ නිකුත් කිරීමට ඇයට ඇති අයිතිය පිළිබඳවද මන්ත්‍රීවරයා ප්‍රශ්න කළේය.
ඇමරිකාවේ කැපිටල් හිල් ගොඩනැඟිල්ල බිඳ අලාභහානි කළ විරෝධතාකරුවන් එක්සත් ජනපද හමුදාව විසින් මැඩපැවැත්වූ ආකාරය ද ඔහු සඳහන් කළේ තානාපතිනියගේ රටේ අත්දැකීම් ඉස්මතු කරමිනි.
ඇයගේ ප්‍රකාශ හරහා රජයට එරෙහි කඩාකප්පල්කාරී ක්‍රියාවලට සෘජුව සහාය දෙන බවට ඔහු චෝදනා කළේය.
වියානා ගිවිසුමට අනුව තානාපතිවරයකුට වෙනත් රටක අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් විය නොහැකි බව රියර් අද්මිරාල් වීරසේකර පෙන්වාදුන්නේය.
එවැනි මැදිහත්වීම් ජාතික ආරක්ෂාවට බලපෑම් ඇති කළ හැකි බවත්, එමනිසා ඉදිරියේදී මෙවැනි අනවශ්‍ය ප්‍රකාශ කිරීමෙන් වළකින ලෙස බලකරමින්, එක්සත් ජනපද තානාපතිනී ජුලී චුන්ග් වෙත දැනුම් දෙන ලෙස ඔහු නිර්දේශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart