October 23, 2023

අන්තර්ජාතික මූල්‍ය අරමුදල (IMF) පකිස්තානයේ අයවැයේ සංවර්ධන කොටස් දැඩි කප්පාදු කිරීමේ කොන්දේසි යෝජනා කර ඇති අතර, වත්මන් මූල්‍ය වර්ෂයේ නව ව්‍යාපෘති සඳහා අරමුදල් වෙන් කිරීම පිළිබඳව කනස්සල්ල පළ කර ඇති බව වාර්තා වේ.

පකිස්තානයේ භාරකාර ආණ්ඩුව විසින් නව ව්‍යාපෘති ආරම්භ කිරීම වෙනුවට, විශේෂයෙන් අවසන් වීමට ආසන්න ව්‍යාපෘති සඳහා පමණක් අරමුදල් වෙන් කළ යුතු බවට IMF යෝජනා කර ඇත.

ඒ අනුව රටේ නව සංවර්ධන ව්‍යාපෘති සඳහා අරමුදල් නතර කිරීමට අදාළ බලධාරීන් දැන් සලකා බලමින් සිටින බව වාර්තා අනාවරණය කරයි.

පකිස්තාන රජය දැන් ඔවුන්ගේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රමුඛතා යළි නිර්වචනය කිරීමට නියමිතය.

කෙසේවෙතත්, පාකිස්තානයේ ගංවතුරෙන් විපතට පත් දිස්ත්‍රික්කවල පුනරුත්ථාපනය සඳහා අරමුදල් සැපයීමට IMF කිසිදු විරෝධයක් පළ නොකළ බව ද ආරංචි මාර්ග පෙන්වා දෙයි.

මෙයට පෙර IMF පකිස්ථානයෙන් ඉල්ලා සිටියේ ගෑස් ගාස්තු ‘වහාම ඉහළ දමන ලෙස’ ය.

පකිස්ථානයේ ගෑස් අංශයේ පාඩු සහ ණය අවම කිරීම සඳහා IMF ගෑස් ගාස්තුවේ සියයට 100 කින් ‘වැඩිමක්’ අපේක්ෂා කරයි.

ගෑස් ගාස්තු වැඩි කිරීම ප්‍රතික්ෂේප කිරීම සිය ගිවිසුම ‘උල්ලංඝණය කිරීමක්’ බව IMF පාකිස්තාන රජයට දැනුම්දී ඇති බවද පැවැසේ.