October 23, 2023

සෞඛ්‍ය සහ වැවිලි කර්මාන්ත ඇමැතිධූර දැනට ඒවා දරන ඇමැතිවරුන් අතර අද දිනයේ හුවමාරු කිරීමට නියමිත බව වාර්තා වේ.

ඒ අනුව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත ඇමැතිධූරය දරන වෛද්‍ය රමේෂ් පතිරණට සෞඛ්‍ය ඇමතිධූරය හිමිවනු ඇති අතර, දැනට සෞඛ්‍ය ඇමතිධූරය දරන කෙහෙළිය රඹුක්වැල්ලට වැවිලි කර්මාන්ත ඇමැතිධූරය ලබාදීමට නියමිත බව පැවැසේ.

කෙහෙළිය රඹුක්වැල්ලට සෞඛ්‍ය ඇමතිවරයා ලෙස අඛණ්ඩව එල්ල වන චෝදනා හේතුවෙන් මෙම ඇමතිධූර සංශෝධනය සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇතැයි වාර්තා සඳහන් කරයි.

42.31%
17.27%
32.76%