October 23, 2023

2021 වසරේදී ශ්‍රී ලාංකිකයින් 61 දෙනකු ඉන්දියාවට ගෙන්වාගෙන නීතිවිරෝධී ලෙස විදේශගත කිරීමට උත්සාහ කළ මිනිස් ජාවාරමක ප්‍රධානියා ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය (NIA) අත්අඩංගුවට ගෙන තිබේ.

රාමනාත්පුරම්හි උපන් මොහොමඩ් ඉම්රාන් ඛාන් (39) නොහොත් හජා නජර්බීඩන් නමැති චූදිතයා තේනි දිස්ත්‍රික්කයේ ඔහු සැඟව සිටි ස්ථානයෙන් NIA සොයාගෙන තිබේ.

NIA පවසා ඇත්තේ, මාස කිහිපයක් තිස්සේ ඔහුගේ චලනයන් නිරීක්ෂණය කළ බවයි.

“ඔහු, කලින් එල්ටීටීඊයට සම්බන්ධ ඊසාන් නම් ශ්‍රී ලාංකිකයකු සමඟ එක්ව ශ්‍රී ලාංකිකයන් 61 දෙනකු දිවයිනේ සිට තමිල්නාඩුවේ විවිධ ස්ථානවලට නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට සැලැස්මක් සකස්කර ඇත. කැනඩාවට සංක්‍රමණය කිරීම සඳහා නීත්‍යානුකූල ලියකියවිලි ලබාදීම සහ රැකියාවන් ලබාදීම ඇතුළු ව්‍යාජ පොරොන්දු දී ඔවුන් මෙම පුද්ගලයන්ව පොළඹවා ගෙන තිබේ” යැයි NIA පවසයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තමිල්නාඩු පොලිසියේ Q ශාඛාව විසින් ශ්‍රී ලාංකිකයන් 23 දෙනකු සහ මදුරෙයි හි නියෝජිතයන් 04 දෙනෙකු රඳවා තබමින් NIA 2021 දී නඩුවක් පවරා ඇත.

42.31%
17.27%
32.76%