Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
යෝජිත දේශගුණික විපර්යාස පිළිබඳ අන්තර්ජාතික විශ්වවිද්‍යාලය සඳහා අධ්‍යයන සහ තාක්ෂණික සහාය ලබා දීමට චීන ආයතන ගණනාවක් කැමැත්ත පළ කර ඇති බව ජනාධිපති කාර්යාලය පවසයි.
ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කරන අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ සැලසුම්වලට සහාය වීම සඳහා ශාස්ත්‍රීය හා තාක්‍ෂණික යන අංශවලින් විශේෂඥභාව සහ සහාය ලබා දීමට දේශගුණය ආශ්‍රිත මුලපිරීම්වල නියැළී සිටින විවිධ චීන ආයතනවල නියෝජිතයින් එකඟ වී ඇති බවයි.
මෙම තොරතුරු අනාවරණ වී ඇත්තේ දේශගුණය සම්බන්ධ ප්‍රයත්නයන් සඳහා කැප වූ පාරිසරික විශ්වවිද්‍යාල සහ සංවිධානවල නායකත්වය සම්බන්ධ කර ගනිමින් බීජිංහි පැවති ඉහළ මට්ටමේ සාකච්ඡාවකදීය.
දේශගුණික විපර්යාස පිළිබඳ විශේෂීකරණය වූ අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව ගත් ක්‍රියාශීලී පියවර නියෝජිත පිරිසගේ පැසසුමට ලක් වූ බවත් එය කාලෝචිත මෙන්ම ඉදිරි චින්තනයක් ලෙස ඔවුන් හඳුනාගෙන ඇති බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙම ව්‍යායාමය සඳහා තමන් දැනටමත් බොහෝ පාර්ශ්වකරුවන් සමඟ සම්බන්ධ වී සිටින අතර මෙම අභ්‍යාසය ශ්‍රී ලංකාව තුළ තනි පුද්ගල ව්‍යාපාරයකට වඩා බහුවිධ පාර්ශ්ව සම්බන්ධ වන සහයෝගීතා ප්‍රයත්නයක් බවට පත් කිරීමට කැපවී සිටින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කර ඇත.
මෙම සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස විශ්වවිද්‍යාලය පිහිටුවීම සම්බන්ධයෙන් අනෙකුත් අදාළ පාර්ශ්ව සමඟ සම්බන්ධ වීමට මාර්ගගත සැසි කිහිපයක් කැඳවීමට ද තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
දේශගුණික විපර්යාස කෙරෙහි අවධානය යොමු කරන අන්තර්ජාතික විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට ශ්‍රී ලංකාව ක්‍රියාකාරීව කටයුතු කරන බව ජනාධිපතිවරයා චීනයේ එක් තීරයක් එක් මාවතක් සමුළුවේදී ද ප්‍රකාශ කර තිබිණි.
යෝජිත විශ්වවිද්‍යාලයේ අරමුණ වනු ඇත්තේ දේශගුණික විපර්යාස, පරිසර දූෂණය සහ ජෛව විවිධත්ව විනාශය යන ගෝලීය අර්බුදවලට විසඳුම් සෙවීම සඳහා අදාළ පර්යේෂණ පැවැත්වීම සහ ආරක්ෂිත පියවර ක්‍රියාත්මක කිරීම සඳහා පදනම සැකසීමයි.
“මෙම විශ්වවිද්‍යාලය හරහා අපි මූලික කරුණු 3ක් අරමුණු කර තිබෙනවා. ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන්, අපගේ අවධානය යොමු වී ඇත්තේ සාමූහික ආරක්ෂාව සහ පොදු යහපත සඳහා වන ක්‍රියාමාර්ග පිළිබඳ පර්යේෂණ කිරීමයි. දෙවනුව, ගෝලීය ප්‍රජාව අතර දැනුම හුවමාරු කර ගැනීම අපගේ අරමුණයි. අවසාන වශයෙන්, අපි ප්‍රායෝගික අධ්‍යාපනය ලබා දීමට කැපවී සිටිනවා.එය ගෝලීය උණුසුම සෙල්සියස් අංශක 1.5ක මට්ටමකට සීමා කිරීම අරමුණු කරගත් දැනුම, පර්යේෂණ සහ විසඳුම්වල වටිනා මූලාශ්‍රයක් ලෙස ක්‍රියා කරනු ඇති. දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී විශ්වවිද්‍යාලය ප්‍රධාන භූමිකාවක් භාර ගනී” යැයි ජනාධිපතිවරයා ප්‍රකාශකර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart