Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියා විසින් නිදහස් කරගැනීමේ ලියකියවිලි අත්සන් කිරීම ප්‍රමාද කිරීම හේතුවෙන් වෛද්‍ය නිෂ්පාදන කොළඹ වරායේ ගොඩගැසී ඇති බව ඖෂධ සමාගම් පවසයි.
ඔවුන් අනතුරු අඟවන්නේ මෙය පෞද්ගලික අංශයේ සැපයුම්වලට බලපානු ඇති බවටයි.
මෙම තත්ත්වය තවත් උග්‍ර වී ඇත්තේ, ලියාපදිංචි සහතික,නිෂ්කාශන අනුමැතිය සහ ආනයන බලපත්‍ර ඇතුළු ඖෂධ වර්ග වරායෙන් ආනයනය කිරීමට අවශ්‍ය සියලුම ලියකියවිලි සඳහා වෙනත් විස්තරවලට අමතරව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරියාගේ නම ඇතුළත් මුද්‍රාව තැබිය යුතු බවට රේගු දෙපාර්තමේන්තුව හදිසියේම නව නීතියක් හඳුන්වාදීම හේතුවෙනි.
නව රේගු රීතිය යටතේ ඇතැම් ලේඛනවල ප්‍රධාන විධායක නිලධාරියාගේ නම සහිත මුද්‍රාවක් තැබීමට සිදුවීම නිසා උභතෝකෝටික තත්ත්වයකට පත්ව ඇති බව ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය පෙන්වා දී ඇත.
මෙය බොහෝ සමාගම්වලින් ආනයනය කරන ඖෂධ නිෂ්පාදන විශාල ප්‍රමාණයක් නිෂ්කාශනය කිරීම වළක්වන තත්ත්වයක් බවත්, ඖෂධ නිෂ්පාදන දහස් ගණනකට මෙය බලපානු ඇති බවත් එම මණ්ඩලය වැඩිදුරටත් පෙන්වාදෙයි.
ශ්‍රී ලංකා ඖෂධ කර්මාන්ත මණ්ඩලය පෙන්වාදෙන්නේ, ඖෂධ ආනයනය සම්බන්ධයෙන් පවතින විමර්ශන සහ මතභේදවලට ප්‍රතිචාර වශයෙන් කඩිනම් විසඳුමක් ලබාදීම සඳහා මෙය ඉක්මන් සහ ප්‍රායෝගික නොවන ප්‍රවේශයක් බවයි.
ප්‍රධාන විධායක නිලධාරියාගේ මුද්‍රාව නොමැති බලපත්‍ර ඇතුළුව සියලුම බලපත් මෙම වසරේ ඔක්තෝබර් 31 දක්වා භාර ගැනීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය මීට පෙර කටයුතු කර තිබිණි.
කෙසේවෙතත්, නොවැම්බර් 1න් පසු, මුද්‍රාව නොමැති බලපත්‍ර සහතික නොකිරීමට ජාතික ඖෂධ නියාමන අධිකාරිය තීරණය කිරීමත් ඖෂධ සමාගම් අදාළ නියෝජිතායතන සමඟ සංවාදයක් අපේක්ෂා කිරීමත් හේතුවෙන් ගැටලුව තවමත් විසඳී නොමැති තත්ත්වයක් පවතියි.
මෙම සියලු ගැටලුවල මූලාරම්භය වන්නේ, රජයේ රෝහල්වල රෝගීන් සඳහා භාවිත කරන ඉමියුනොග්ලොබියුලින් මගින් අවස්ථා ගණනාවකදී සංකූලතා මතුවීමේ සිද්ධි සමග අරඹන ලද විමර්ශනවලදී හෙළිවූ කරුණුය.
ඉමියුනොග්ලොබියුලින් මිලදී ගැනීම, බෙදාහැරීම සහ රෝගීන්ට ලබාදීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉකුත් සතියේ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන විධායක නිලධාරී වීජිත් ගුණසේකරගෙන් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් සමන් රත්නායකගෙන් ප්‍රශ්න කර තිබිණි.
එම ඉමියුනොග්ලොබියුලින් ගෙන්වීම සඳහා නිකුත් කළ බව කියන ලේඛන ව්‍යාජ ලෙස සකස් කර, තමාට අයිති නැති මුද්‍රාවකින් මුද්‍රාතබා ඇති බවත්, තමාගේ නම නොමැතිව සුදුසුකම්, තනතුර සහ සම්බන්ධතා තොරතුරු පමණක් එහි අඩංගු බවත් වෛද්‍ය ගුණසේකර එහිදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රකාශකර තිබිණි.
මෙම තත්ත්වය උද්ගත්වන්නේ වෛද්‍ය නිෂ්පාදන සඳහා ලියාපදිංචිය ඉවත් කිරීම මහජන සෞඛ්‍යයට බරපතළ අනතුරක් ගෙන දෙන බවට වෛද්‍ය ප්‍රජාව කරන ලද අනතුරු ඇඟවීම් නොසළකා හැර මාස කිහිපයකට පසුවය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart