October 21, 2023

විදුලි බිල ඉහළ දැමීමට එරෙහිව නඩු පවරන බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය පවසයි.

විදුලි බිල වැඩි කිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව ලබාදුන් අවසරය නීති විරෝධි බව විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික සඳහන් කරයි.

වසරකට තුන්වරක් විදුලි බිල වැඩි කිරීමට විදුලිබල පනතේ ප්‍රතිපාදන නොමැති බව ඔහු අවධාරණය කරයි.

විදුලි ගාස්තු 18% – 20% අගයකින් ඉහළ දැමීමට විදුලි බල මණ්ඩලයට මහජන උපයෝගිතා කොමිසම ඊයේ අවසර ලබාදුන්නේ ය.

42.31%
17.27%
32.76%