Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
උතුර – නැගෙනහිර පළාත් නියෝජනය කරමින් ඉදිරි ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව ‘මව්බිම’ පුවත්පත වාර්තා කරයි.
එම වාර්තාවට අනුව, ලෝක භූ-දේශපාලන මැදිහත්වීම් මත මෙය සිදුකෙරෙන බව උතුරේ දමිළ දේශපාලන ආරංචි මාර්ග අනාවරණය කර තිබේ.
පසුගිය ජනාධිපතිවරණ තුනකදී සරත් ෆොන්සේකා, මෛත්‍රීපාල සිරිසේන සහ සජිත් ප්‍රේමදාස යන අපේක්ෂකයන් වෙත තමන් සහාය පළකළ ද ඉදිරි ජනාධිපතිවරණයේදී දකුණේ කිසිදු අපේක්ෂකයකුට සහාය නොදීමට කටයුතු කිරීම ඔවුන්ගේ අදහස වී ඇත.
උතුර – නැගෙනහිර පළාත් ඒකාබද්ධව මෙම ක්‍රියාමාර්ගයට එළඹුණහොත්, දකුණේ පළාත් හත නියෝජනය කරමින් ඉදිරිපත් වන අපේක්ෂකයන්ගේ ඉරණම කෙසේ විසඳෙනු ඇත්දැයි බරපතළ සැකසංකා මතු වී තිබේ.
කෙසේවුව ද, ඉතිහාසයේ තීරණාත්මකම ජනාධිපතිවරණය මෙය බවට පත්වනු ඇත.
ලෝකයේ ප්‍රබල රටවල් දෙකක මැදිහත්වීම ශ්‍රී ලංකාවේ දේශපාලනයට කෙසේ බලපානු ඇත්දැයි කිව නොහැකි බව දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
උතුර හා නැගෙනහිර පළාත්වලින් ජනාධිපතිවරණයට අපේක්ෂකයකු තෝරාගැනීමේදී ඡන්ද පදනම පිළිබඳ අවධානය යොමුකිරීම වඩාත් වැදගත් වන බව මේ පිළිබඳ පැවැති සාකච්ඡාවේදී අවධාරණය වී ඇති බව ද වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානයට අයත් පක්ෂ සමග සෙසු සුළු පක්ෂවල සහය ද ලබාගැනීමට මේ වන විටත් සාකච්ඡා කරමින් සිටින බව දෙමළ ජාතික සන්ධානයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය හා එක්ව නැගෙනහිර පළාතේ මුස්ලිම් සංවිධාන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු නම් කිරීමේ සූදානමක් පවතින බවට ද තොරතුරු වාර්තා වේ.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart