Subscribe
Don't miss the latest news and updates.
careers
Would you like to join our growing team?
careers@hub.com
careers
Would you like to join our growing team?
careers@hub.com
Don't miss the latest news and updates.
Would you like to join our growing team?
careers@hub.com
Would you like to join our growing team?
careers@hub.com
Type and hit enter
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම සහ විස්තීරණ ණය පහසුකම යටතේ පළමු සමාලෝචනය අවසන් කරමින් ඇති කරගත් කාර්යමණ්ඩල එකඟතාව, බහුපාර්ශ්වික ණය හිමියන්ගේ හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වේගවත් කිරීමට උපකාරී වන බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ සඳහන් කරයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය, මෙම කාර්යමණ්ඩල එකඟතා ගිවිසුම අනුමත කිරීමෙන් පසුව, ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 330ක දෙවන ණය වාරිකය ලැබෙන බව රාජ්‍ය ඇමැතිවරයා පවසයි.
පසුගිය මාර්තු මාසයේදී අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග ගිවිසුම්ගත වීමට අනුමැතිය ලැබුණ දා සිට හිතකර තත්ත්වයන් පැවැති නමුත්, ඒ පිළිබඳව නොතකා පසුගිය සති කිහිපයේ ඇතැම් පාර්ශව වෙතින් යම් යම් බාධා කිරීම් සිදුවුණු බව ද ඔහු සඳහන් කර තිබේ.
ඇතැම් කණ්ඩායම්වලට මෙම සාකච්ඡා පිළිබඳව නිසි අවබෝධයක් නොතිබුණු බවත්, ඔවුන් විවිධ තර්ක ඉදිරිපත් කරමින් දෙවන ණය වාරික මුදල අපට ලැබෙයි ද යන්න සම්බන්ධව සාමාන්‍ය ජනතාවට සැකයක් ඇතිවන ආකාරයට කටයුතු කළ බවත්, හෙතෙම සඳහන් කර ඇත.
එහෙත් දෙවැනි වාරිකය ලබාගැනීමට හෝ ඒ සඳහා විධායක කමිටුවේ අනුමැතිය ගැනීමට ශ්‍රී ලංකාව කිසිම බියක් ඇතිකර ගත යුතු නැති බව පාර්ලිමේන්තුවේදී මෙන් ම ඉන් පිටතදීත් තමන් දැඩිව අවධාරණය කළ බව ද ඔහු පවසයි.
අන්තර්ජාතික මූල්‍ය අරමුදල සමග වන වැඩසටහනට අදාළ පළමු සමාලෝචනය කිරීම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව මගින් බහුපාර්ශ්වික ණය හිමියන්ට හිඟ වාරික ගෙවීමට සහ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම වේගවත් කිරීමට උපකාරී වන බවද ඔහු සඳහන් කරයි.
කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම හරහා ලෝක බැංකුවට, ආසියානු සංවර්ධන බැංකුවට සහ අනෙකුත් බහුපාර්ශ්වික මූල්‍ය ආයතන වෙත ඉතිරි වාරික ගෙවීමට හැකියාව ලැබෙන බවත්, එමගින් අන්තර්ජාතික හවුල්කරුවන් සමග ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුතු වේගවත් කිරීමට උපකාරී වන බවත් හෙතෙම පවසයි.
ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධ එකඟතාවන් ද නුදුරේදී ම අවසන් කළ හැකි බවත්, රජයේ ප්‍රධානතම අරමුණ වූයේ දූෂණය අවම කිරීම සහ විනිවිදභාවය වැඩි කිරීම බවත්, ඔහු සඳහන් කර තිබේ.
ලංකාවේ ආර්ථිකය අද තිබෙන තත්ත්වයට ගෙන ඒම පිළිබඳව අන්තර්ජාතික මූල්‍ය අරමුදල ප්‍රශංසා කළ බවත්, එමගින් ශ්‍රී ලංකාව පිළිබඳව අන්තර්ජාතිකයට තිබෙන විශ්වාසය තවදුරටත් තහවුරු වුණු බවත්, රාජ්‍ය ඇමැතිවරයා වැඩිදුරටත් පවසයි.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart