October 20, 2023

දමිළ සිනමාවේ ගිනිසිළුව වන තලපති විජේගේ නවතම චිත්‍රපටය ‘ලියෝ’ අද සිට ඉන්දියාව ඇතුළු රටවල් රැසක තිරගතවීම් අරඹයි.

අර්ජුන්, සංජේ දත්, ට්‍රිෂා, ප්‍රියා ආනන්ද්, මන්සූර් අලිඛාන්, ගෞතම් වාසුදේව් ඇතුළු ජනප්‍රිය දක්ෂ රංගන ශිල්පීන් මෙම රැසක් චිත්‍රපටයට සම්බන්ධ වී සිටින අතර, ශ්‍රී ලංකාවේ යාපනය ප්‍රදේශයේ තරුණියක් වන ජනනි කුනසීලාන් හට ද ‘ලියෝ’ චිත්‍රපටයට සම්බන්ධව වීමට අවස්ථාව උදාවී ඇත.

ඉන්දියාවේ ‘බිග් බොස්’ රියැලටි වැඩසටහන හරහා ජනප්‍රියත්වයට පත් වීම හේතුවෙන් ජනනි කුනසීලන්ට මෙම අවස්ථාව හිමි වූ බව වාර්තා වේ.

සමාජ මාධ්‍ය තුළ සටහනක් තබමින් ජනනි පවසා ඇත්තේ, තම පළමු චිත්‍රපටය වන ”ලියෝ”හි සුපිරි නළු විජේ සමඟ රගපෑමට ලැබීම පිළිබදව තමා ආඩම්බර වන බවත් ‘ලියෝ’ චිත්‍රපටයට තමන් තෝරාගැනීම සම්බන්ධයෙන් චිත්‍රපටයේ අධ්‍යක්ෂ ලෝකේෂ් කනගරාජ්ට ස්තුති කරන බවත් ය.

ලියෝ චිත්‍රපටයේ නිල පූර්ව ප්‍රචාරක වීඩියෝව පසුගිය 05 වැනිදා අන්තර්ජාලයට එක්කර තිබූ අතර එහි පූර්ව ප්‍රචාරක වීඩියෝ පටය පැය 16ක කාලයක් තුළ දී යූටියබ් trending අංක එකට බවට ද පත් ව තිබිණි.

ලියෝ චිත්‍රපටයේ වීඩියෝව නැරඹූ සංඛ්‍යාව මිලියන 27කට අධික වූ අතර ලෝකේෂ් කනගරාජ්ගේ අධ්‍යක්ෂණයෙන් සහ අනිරුද් රවිචන්ද්‍රගේ සංගීතයෙන් මෙම චිත්‍රපටය නිර්මාණය වී තිබේ.