October 19, 2023

සී. ඩී. වික්‍රමරත්න පොලිස්පති ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය කිසිසේත් වැරදි නැතැයි ව්‍යවස්ථාදායක සභාවේ සභාපති කතානායක මහින්ද යාපා අබේවර්ධන ‘දිවයින’ පුවත්පතට පවසා ඇත.

දෙවතාවක්ම සේවා දිගු ලබා සිටි පොලිස්පතිවරයාට තවත් සති තුනක සේවාවක් ලබාදී තිබියදී ව්‍යවස්ථාදායක සභාව පොලිස්පතිවරයා ඉවත් කළේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව බව ද ඒ කතානායකවරයා සඳහන් කර තිබේ.

ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත් විධායක ජනාධිපතිවරයා යළි ඔහුට සේවා දිගුවක් ලබාදීම ද වැරදි නැතැයි ඔහු පවසා ඇත.

පොලිස්පතිවරයා විශ්‍රාම ගිය පසු ජනාධිපතිවරයා සතු බලතල මත ඔහුට දෙවතාවක් සේවා දිගු ලබාදී එම කාලය ද අවසන් වන්නේ නම්, ඊළඟ පොලිස්පතිවරයා පත්කිරීමට අදාළ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ ලයිස්තුවක් ජනාධිපතිවරයා විසින් ව්‍යවස්ථාදායක සභාවට නම්කර එවිය යුතුය.

පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ධුරයෙන් ඉවත්කිරීමට ව්‍යවස්ථාදායක සභාව ගත් තීරණය නිවැරදි වුවත් ජනාධිපතිවරයාට අවශ්‍ය නම් ඔහුට තව සේවා දිගුවක් ලබාදීමට බලතල තිබෙන බව ඒ මොහොතේත් ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයන් අටදෙනා හොඳහැටි අවබෝධ කරගෙන සිටි බව ද කතානායකවරයා සඳහන් කරයි.

ව්‍යවස්ථාදායක සභාව නිර්දේශ කරන ඇතැම් පත්වීම් ජනාධිපතිවරුන් පත්නොකළ අවස්ථා තිබෙන බව ද ඔහු තවදුරටත් පවසා තිබේ.

42.31%
17.27%
32.76%